අයි.සී.සී විස්සයි 20 තරගාවලියේ ශ්රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පෙර පුහුණු තරගයේ බංගාලාදේශ ඉනිම මේ වනවිට අවසන් වී ඇත. කාසියේ වාසිය දිනාගෙනපන්දුවට පහරදීම තෝරා ගත් බංගලාදේශ පිතිකරුවන් පන්දු ඕවර 20 තුළ ලකුණු 147කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් වී තිබේ.
මේ වනවිට පන්දුවට පහර දෙන ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර නවයක් අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 61 ලබාගෙන තිබේ. ප්රවීනයන් යළිත් අසාර්ථක වී සිටිති. කුස්ල් ජනිත් 04කටත් චන්දිමාල් ලකුණු 13කටත් දැවී ගොස් තිබේ. පැතුම් නිශ්ශංක ලකුණු 15කි. භානුක රාජපක්ෂ සහ අවිශ්ත ප්රනාන්දු පන්දුවට පහර දෙමින් ඇත.
අබුඩාබි හි ටොලරන්ස් ඕවල් ක්රීඩාංගණයේදී තරඟය පැවැත්වෙමින් තිබේ.