සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

සය වැදෑරුම් පිළිවෙතකින් අලුත් අරගලයකට අර අදින ප්‍රජාවක් ගැන කතාවක් !

by editor
ජූලි 8, 2022
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ව්‍යාපාර –

මේ අරගල ගැන බහුලව කතා කරන කාලයකි. එදා කාලයේ පැවති  අරගලවලට වඩා අද අරගල අර්ථාන්විත සේම නිර්මාණාත්මකය. සාමකාමී සේම සහයෝගිතාව ප්‍රකට කරවන්නේය. සදාතනික ජීවන අරගලයක සිටින ඇතැම් ප්‍රජාවන්ට තමන්ගේ ජීවිත්වීමේ මාර්ගය වෙනුවෙන්ද අරගල කරන්නට සිදුවන්නේය. ඒ අරගලය අර්ථාන්විත වුවහොත් ලැබෙන ප්‍රතිඵලයද ඵලදායකය. මහ පාරක් හරස්කර බොඩ් ලෑලි ඔසවාගෙන නටන අරගලයෙන් එහා ගිය අද කාලයේ අරගල අතර ඉදිරියේදී අපට වැඩිපුර කතා බහක් යොමු වේ යයි සිතිය හැකි අමුතු ආකාරයේ අරගලයකට අර අදින ප්‍රජාවක් ගැන පසුගියදා අප දැන ගන්නට ලැබිණි.

පසුගිය 2021 දෙසැම්බර් මස COSMI තිරසාර යටිතල පහසුකම් සඳහා . Alliance සමග එක් වූයේය…

ඒ මහා පරිමාණ ව්‍යාපෘති නිසා සිය ජීවනෝපාය මාර්ගය ට අභියෝග එල්ල වී ඇති ක්ෂුද්‍ර කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් පිරිසකි. 

මෙම ව්‍යාපෘතියේ මූලික හැඩරුව අපට කීවේ  කොස්මි හි ප්‍රධාන උපදේශකයකු වන සමන්ත අබේවික්‍රම මහතාය. අබේවික්‍රම මහතා මෙරට සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක අත්දැකීම් ඇති විශිෂ්ටයෙකි. ඔහු මේ පිළිබඳව හඬ අවදි කළේ මෙසේය. 

“මේ වෙනකොට අපේ රටේ මහා පරිමාණ ව්‍යාපෘති රාශියක් දියත් වෙනවා. මේ හැම ව්‍යාපෘතියක්ම රටේ ජනතාවට ලොකු බලාපොරොත්තු දුන්නු ඒවා. නිදසුනක් ලෙස අධිවේගී මාර්ග , නැතිනම් මහා වාරි ව්‍යාපෘති. මේවා රටේ එක්තරා ජන කොටස් ලොකු බලාපොරොත්තු දල්වාගෙන සිටින රටකට අවශ්‍ය ඒවා.   නමුත් මේ ව්‍යාපෘති ප්‍රායෝගිකව  කිරීමේදී ප්‍රශ්න රැසක් නිර්මාණය වෙනවා. ඔවුන්ගේ ආදායම් ඉපයීමේ මාර්ග අවහිර වීම එයින් එකක්.  මේ ප්‍රශ්නවලට  පිළියම් අවශ්‍යයි. 

ඒ වගේම  පාරිසරික බලපෑමත් විශේෂ කරුණක් . මේ ව්‍යාපෘති නිසා ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාව බිඳ වැටෙනවා. එය මිනිසුන්ට පමණක් නොව සෙසු ශාඛ සත්ත්ව ප්‍රජාවට බලපානවා. මේ පාරිසරික බලපෑම්වල අතුරු ප්‍රතිඵල සෘජුවම අත්විඳින්නට සිදුවනවා.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති බොහෝ විට ක්‍රියාත්මක වන්නේ  මුදල් පදනම් කරගෙන. එක්කෝ භාණ්ඩාගාරයෙන් සෘජුව ලැබෙන මුදල්. නැතිනම්  රටක් ලෙස ණය වී කරන ව්‍යාපෘති. මේ ව්‍යාපෘතිවල අවසාන ගෙවුම්කරු වන්නේ මහජනතාව. මේ නිසා මෙම මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ක්‍රියාවලියේදී පාරදෘශ්‍යභාවය ක් තිබිය අවධානයට ගෙන තමයි මේ  අදාළ බලපෑමට ලක්වන ප්‍රජාව සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන්නේ .

අප මේ ආකෘතිය සකස් කළේ ජාත්‍යන්තර පෞද්ගලික ව්‍යවසාය පිළිබඳ මධ්‍යස්ථානය (Centre for International Private Enterprise CIPE). ඔවුන් අපට මේ සඳහා අනුග්‍රහය සහ සම්පත්  දායකත්වය ලබා දෙනවා. ඒ වගේම ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය අපට උපදේශනාත්මක සහයෝගය ලබා දෙනවා.

ඔවුන්ගේද මඟ පෙන්වීම් මත මේ සංකල්ප මත සියුම්ව නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකය. 

COSMI හම්බන්තොට කළු දොදොල් ප්‍රජාව හමුවූ අවස්ථාව. හම්බන්තොට වාණිජ මණ්ඩලයත් මෙම ව්‍යාපෘතියේ කලාපීය සහකරුවා ලෙස කටයුතු කරයි…

එයින් එකක් දකුණේය. අනෙක රජරටය. දකුණේ මේ වනවිට ක්‍රියාත්මක වන ප්‍රධානතම මහා පරිමාණ ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ගයයි. මෙය රටේම බලාපොරොත්තු ඇති කළ ප්‍රධාන පෙළේ ව්‍යාපෘතියකි. අද පිරිසක් මේ ව්‍යාපෘතියේ ආශිර්වාදය විඳිද්දී සිය ජීවිකාවන් අභියෝගයට ලක් වූ පිරිසක්ද මේ වනවිට දකුණු ලංකාවේ ජීවත් වෙති. එයින් එක් ප්‍රජාවක් රටේ සෑම කොණකම පිරිස දන්නා හඳුනන  ඒ හම්බන්තොට කලු දොදොල් ව්‍යාපාරිකයන්ය.

කතරගම යන එන කවුරුත් අමතක නොකර රස බලන  පරම්පරා ගණනක් තිස්සේ දියුණු කර ගත් මේ “කලු දොදොල් “ ප්‍රාදේශීය සන්නාමය අද අභියෝගයට ලක්ව ඇත්තේ අධිවේගී මාර්ගය නිසා සාමාන්‍ය මාර්ගය මඟ හැර යන කතරගම වන්දනාකරුවන් නිසාය. එසේම ඒ ආශ්‍රිතව ස්ථාපිත වූ විසිතුරු මැටි බඳුන් කර්මාන්තයටද මේ වයාපෘතිය නිසා අමාවක ලබා ඇත. 

COSMI ඔවුන්ගේ ප්‍රශ්න ගැන ප්‍රජාව සමඟ කතා කිරීමට දොදොල් බසාර් වෙත පැමිණේ

කොස්මි ආයතනය මේ නියමු ව්‍යාපෘතියට සම්බන්ධ කර ගත් අනෙක් ප්‍රජාව අපට හමුවන්නේ අනුරාධපුරෙනි. වැව්ගම් පුබුදුව නම් මහා පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හේතුවෙන් සිය ජීවිකාවන් අභියෝගයට ලක් වූ ගොවි ජනතාවක් මේ  ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත.

මෙම ව්‍යාපෘති දෙකෙන්ම අවතැන් වන එම ප්‍රජාවට පවතින මූලිකම ප්‍රශ්නය ඔවුන්ගේ ජීවත් වීමේ මාර්ගය යළි ස්ථාපනය කිරීමය. දකුණේ කලු දොදොල් ව්‍යපාරිකයන් පිළිබඳව සැලකීමේදි ඔවුන්ට පවතින ලොකුම අභියෝගය යළි සුපුරුදු වෙළෙඳාමක් සහ තමන්ට හුරු පුරුදු පාරිභෝගික පිරිස ව්‍යාපාරය වෙත ඇද ගැනීමය. ඔවුන් මේ වන විට ඉල්ලා සිටින්නේ දක්ෂිණ අධිවේගී  මාර්ගය ඇතුළු වීමේ පිවිසුම ආසන්නයෙන් ඔවුන්ට ස්ථානයක් ලබා දෙන ලෙසය. 

අනුරාධපුරයේද වැව් ගම්මාන හේතුවෙන් සිය ජීවිකාවන් අහිමි වන ජනතාවට සිය කාබනික බෝග වගාවන් සඳහා හොඳ වෙළෙඳපොළක්  නිර්මාණය කිරීමේ අභියෝගයක් ඇත.

 මේ කණ්ඩායම් දෙකටම කොස්මි හෙවත් ක්ෂුදු සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙම ව්‍යාපෘතිය හරහා සවි බල ගැන්වීම සඳහා මුලින්ම සිදු කර ඇත්තේ එම ප්‍රජාවන් හි සියලු දෙනා නියෝජනය වන සාමූහික නිර්මාණය කිරීමය.හම්බන්තොට කලු දොදාල් ව්‍යාපාරිකයන්ගේ සුබසාධක  සංගමය බිහිවන්නේ ඒ අනුවය. අනුරාධපුර ගොවි ජනතාවගේද මෙවැනිම ඒකාරාශී වීමක් ඇත. ඒ හරිත සුව ගොවි වෙළෙඳපොළ සංගමයයි.

COSMI මැදිහත්වීමෙන් හරිත සුව ගොවි සති පොළ නැවතත් විවෘත වේ

 එහිදී මෙම සංවිධානගත කිරීමේද ලොකු වෙනසක් දක්නට නැති බවක් තේරුණි. එහෙත් එය පැහැදිළි කළේ සමන්ත අබේවික්‍රම මහතාය. 

“මම මුලින්ම කීව වගේ අපි මේ ව්‍යාපෘතියේ අදාළ  ප්‍රජාවගේ ජීවනෝපායට සිදු වුණු බලපෑම වගේම පරිසරයට සහ මූල්‍ය පාරදෘශ්‍ය භාවය සම්බන්ධයෙනුත් සොයා බැලීමක් කරනවා. ඒ සඳහා මූලික පියවර හයක් අප සැලසුම් කර තිබෙනවා. 

අංක එක තොරතුරු දැන ගැනීමේ පනත භාවිත කරල ව්‍යාපෘතිය ආශ්‍රිත සංවේදී තොරතුරු ලබා ගැනීම. මොකද මෙම ව්‍යාපෘතියට වියදම් කරන්නේ මහජනතාවගේ මුදල්. විදේශ ණයක් ගත්තත් ඒක ගෙවන්න වෙන්නේ අපට. මෙම සංවේදි තොරතුරු ලබා ගැනීම මඟින් අපට පාර්ශ්ව දෙක සමඟ යම් සංවාදයකට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ මඟ පෑදෙනවා. 

දෙවන පියවර වෙන්නේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ සම්බන්ධ කර ගැනීම. මේ සඳහා ප්‍රදේශ දෙකේම පුජාව ඒකරාශී කිරීමේ සංගම් දෙකක් පිහිටුවා තිබෙනවා. ඒ වටා ජනතාව එකමුතුව අත්වැල් බැඳ ගන්නවා. 

තුන්වන පියවර තමයි මෙම ප්‍රජාවේ ජනතාව ඊට අදාළ සියලු දේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම. මේ සඳහා ක්‍රියාත්මක වන පියවරක් තමයි සමාජ මාධ්‍ය විශේෂයෙන් වට්ස්ඇප්  වැනි සමාජ මාධ්‍ය ජාල හරහා ඔවුන් සංවිධානගත කිරීම සහ දැනුවත් කිරීම. එයින් අපට ක්ෂණිකව ඔවුන්ට තොරතුරු ලබා දීමේ සහ සන්නිවේදනය කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා.

www.harithasuwa.lk වෙබ් අඩවිය එළිදැක්වීම… කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රියංජනී මාධනා මහත්මිය අතින් සිදු විය.

සිව්වැනි පියවර  අන්තර්ජාලය සමඟ සම්බන්ධයි. අප ඔවුන්ට අන්තර්ජාලය ආශ්‍රිතව විසඳුම් කිහිපයක් යෝජනා කර තිබෙනවා.

පස්වෙනි පියවර පාර්ලිමේන්තු ප්‍රවේශයක්. මෙම ප්‍රදේශවලට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ ජනතාවගේ ඡන්දයෙන් පත් වූ නියෝජිතයන්. ඔවුන් හරහා අප මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවට එනම් රටේ නීති හදන ස්ථානය දක්වා ගෙන යන්නට අවශ්‍ය සැලසුමක් සහ වැඩපිළිවෙළක් දැනටමත ක්‍රියාත්මක වෙනවා. අපේ අරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනා අනුව හෝ අදාළ ප්‍රජාවන් වෙත බලපාන ප්‍රශ්න හමුවේ විසඳුම් ලබා ගැනීමයි. 

හය වැනි විසඳුම නීත්‍යනුකූල ක්‍රමෝපායයක්. මේ අර්බුද සහා නිසි පිළිතුරු අදාළ රාජ්‍ය ආයතනවලින් එසේ නැතිනම් මහජන නියෝජිතයන් හරහා ලැබෙන්නේ නැතිනම් අපට ඊළඟ යන්නට වෙන්නේ නීතිය ඉදිරිපිටට. ඒ අධිකරණයෙන් ඊට අවශ්‍ය සහනයක් ලබා ගැනීමට මේ සඳහාද මාර්ගය අපේ ව්‍යාපෘතිය තුළින් මේ පුජාවන්ට ලැබී තිබෙනවා” සමන්ත අබේවික්‍රම මහතා එය පැහැදිළි කරන්නේ එලෙසිනි.

සැබවින්ම මහා පරිමාණ ව්‍යාපෘති හමුවේ ජනතාව සංවිධානගත කරන මේ ව්‍යාපෘතිය තුළ මහා පරිමාණ ව්‍යාපෘති හමුවේ පාරවල් හරස් කර සාම්ප්‍රදායික අරගල කරන ප්‍රජාවන්ට වඩා විප්ලවීය වෙනසක් ඇත. ඒ තුළ ඔවුන්ට අරගලය දිනා ගත හැකි මට්ටමේ සවි බලයක් සේම අදාළ මහා පරිමාණ ව්‍යාපෘතිය සමඟ බද්ධ වූ වෙනසකට මාර්ගය පෙන්වයි. මේ වනවිටත් මෙම ව්‍යාපාර  දෙක සාර්ථකව දියත්ව ඇත. එහි ප්‍රතිඵල වැඩි කල් නොයා අපට දැකිය හැකි වනු ඇත. මේ සාර්ථක ප්‍රතිඵලය ඉදිරියේදී අමුතු ආකාරයක අරගලයක් වෙත  මෙම මහා පරිමාණ ව්‍යාපෘති සමඟ ගැටෙන ජනතාව ගමන් කරනු ඇත.  

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තරේ පා ගමන කොළඹ දෙසට…

Next Post

ජාතියේ නාමයෙන් හෙට අරගලයට එකතු වෙන්න… රොෂාන් මහානාම ඉල්ලා සිටී….

Related Posts

ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.