ලලිත් චාමින්ද –
ගාලුකොටුවේ ඉන්ධන පිරවුම්හලේ දි වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින් සඳහා ඉන්ධන ලබාදීමේ දි ඇතිවු උණුසුම්කාරි අවස්ථාවේ දි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් ගුරුවරයකු ඊයේ (02) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක ගුරුවරයෙකි. ඔහු පොලිස් ඇපයත් මත ඊයේ (02) රාත්‍රි මුදාහැරි බව පොලිසිය පවසයි.
ගාල්ල කොටුවේ ඉන්ධන පිරවුම්හලෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කිරිමේ දි පොලිමේ සිටි සාමාන්‍ය ජනතාව එයට විරෝධය පලකළ අතර මෙහිදි උණුසුම් තත්වයක් ඇතිවිය. ඒම අවස්ථාවේ දි එහි සිටි මෙම ගුරුවරයා වෛද්‍යවරුන් දෙදෙනාට බෝතලයකින් පහරදි ඇති බව වෛද්‍යවරුන් දෙදෙනා විසින් පොලිසියට කරණ ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම පහරදිමත් සමග රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව විසින් එක්දිනක වෘත්තිය ක්‍රියාමාර්ගයක ද දියත් කළේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් ඊයේ (02) කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදි එහි සම ලේකම් වෛද්‍ය ජිනේෂ් යාපා සඳහන් කළේ මෙම සිද්ධිය සමබන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කොට ඇති නිසා තමන් සැහීමකට පත්වන බවය.