දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පිටපිටම අගරු චෙක්පත් ලබා දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතව රුපියල් බිලියනයකට අධික එනම් රුපියල් කෝටි 100කට අධික මුදලක් ලබානොදුන් ව්‍යාපාරිකයන් ඇතුළු බදුගෙවන්නන් 88 දෙනකු හඳුනාගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2015 වසරේ සිට ඔවුන් පසුගිය ජූනි මාසය දක්වා වූ කාලය තුළ රුපියල් මිලියනයට අධික වටිනාකමකින් යුතු චෙක්පත් 322ක් මෙසේ පිටපිටම අගරු වී ඇතත් මේ සම්බන්ධයෙන් දේ ආදායම් දෙපාර්තමේනතුව නිසි පියවරක් ගෙන නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
එම ආරංචිමාර්ගවලට අනුව 2015 සිට පසුගිය ජූනි මාසය දක්වා වූ කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී අගරු චෙක්පත්වල වටිනාකම රුපියල් කෝටි 300 ඉක්මවයි.
මෙරට ව්‍යාපාරිකන් ඇතුළු බදුගෙවන ප්‍රජාව නියෝනය කරන පුද්ගලයන් විසින් ලබා දෙන ද චෙක්පත් 8000කට වඩා අගරු වී ඇත.
එයින් රාජ්‍ය ආදායම රුපියල් කෝටි 300කින් අඩු වුවද මෙම තත්ත්වය පාලනය කිරීමට කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත චෝදනා එල්ල වී ඇත.