තාලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ වෙසෙන කාන්තාවන්ට පොදු ස්ථානයන් හිදී සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණව කිරීම අනිවාර්ය කරනු ලැබ තිබේ.
ඒ අනුව එරට කාන්තාවන්ට හිසේ සිට දෙපතුල දක්වා සම්පුර්ණයෙන්ම වසාගෙන සිටිය යුතු වන අතර එසේ නොකරන්නේ නම් දැඩි දඬුවම් පැනවීමට නියමකර ඇත.
මෙම නීතියට අවනත නොවන අවස්ථාවකදී එම නිවසේ ප්රධාන පිරිමි පුද්ගලයාට දින තුන සිර දඬුවමකට යටත් වීමටද සිදුවනු ඇති බවද තලේබාන් සංවිධානය දැණුම්දී තිබේ.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමත් සමඟම එරට කාන්තාවන් සිය ශරීරයම ආවරණ වන පරිදි පොදු ස්ථාන වල ගමන් කිරීමට පියවර ගෙන තිබිණි.
කෙසේවෙතත් ඇතැම් ප්රදේශ වල කාන්තාවන් මුහුණ ආවරණ කිරීම් අල්ප වූ අතර මෙම නව නීතිය එය පදනම් වන්නට ඇති බටද ඇතැම් බටහිර විචාරකයන් පවසයි.
තලේබාන් සංවිධානය මීට පෙර ගෙනගිය පාලන සමයේදීද කාන්තාවන්ට දැඩි නීතී පැනවූ අතර එම තත්ත්වය යලිත් උදාවෙමි පවතින බවට මේ වන විට නිරීක්ෂණය වේ.