ලලිත් චාමින්ද –
නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිවිම නිසා ගාල්ල උඩුගම රෝහලේ ශල්‍යාගාරයේ සහ දැඩිසත්කාර ඒකකයේ කටයුතු දැනට සතියක පමණ කාලයක සිට ඇනහිට ඇත.
මෙම තත්වය නිසා උඩුගම රෝහලේ ශල්‍යකර්ම කටයුතු සහ සිසේරියන් සැත්කම් නතරවි ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
උඩුගම රෝහලේ සේවය කරමින් සිටි නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා විදේශගතවිම නිසා මෙම තත්වය උදාවි ඇත. මේ වනතෙක් එම නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා වෙනුවට උඩුගම රෝහල සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු අනුයුක්ත කොට නොමැති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ නිසා සාමාන්‍ය සැත්කම් හා හදිසි සැත්කම් සහ සිසේරියන් සැත්කම් කළ යුතු රෝගින් හා ගැබිනි මව්වරුන් කරාපිටිය රෝහල වෙත යොමුකිරීමට සිදුවි ඇත. තවලම හිනිදුම ආදි දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන් මෙම තත්වය නිසා ගැටළු රැසකට ලක්ව ඇත.
මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක කේ.එම් සෝමරත්නගෙන් කළ විමසුමකදි මෙසේ කිවේය.
“ඔය කියන කථාව හරියට හරි. අපිට ශල්‍යාගාරයේ හා දැඩිසත්කාර ඒකකයේ කටයුතු කිරිමට නොහැකිවෙලා තියෙනවා. වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විදියට මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා උඩුගම රෝහලේ සේවය කළේ. එම වෛද්‍යවරුන් දෙදෙනාගේ පුහුණුව සම්පුර්ණ කිරිම සඳහා විදේශගතවි තියෙනවා. ඇත්තටම නිර්වින්දන වෛද්‍යවරුන් සඳහා මැත කාලයේ විශාල ඉල්ලුමක් තියෙනවා. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂය අධ්‍යක්ෂක වරයා දැනුවත් කරලා තියෙනවා.“ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා කිවේය.