බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිර්වින්දන වෛද්‍යවරු නෑ… ගාල්ලේ රෝහලක සියලුම සැත්කම් ඇනහිටී…

by editor
මාර්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිවිම නිසා ගාල්ල උඩුගම රෝහලේ ශල්‍යාගාරයේ සහ දැඩිසත්කාර ඒකකයේ කටයුතු දැනට සතියක පමණ කාලයක සිට ඇනහිට ඇත.

මෙම තත්වය නිසා උඩුගම රෝහලේ ශල්‍යකර්ම කටයුතු සහ සිසේරියන් සැත්කම් නතරවි ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

උඩුගම රෝහලේ සේවය කරමින් සිටි නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා විදේශගතවිම නිසා මෙම තත්වය උදාවි ඇත. මේ වනතෙක් එම නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා වෙනුවට උඩුගම රෝහල සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු අනුයුක්ත කොට නොමැති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා සාමාන්‍ය සැත්කම් හා හදිසි සැත්කම් සහ සිසේරියන් සැත්කම් කළ යුතු රෝගින් හා ගැබිනි මව්වරුන් කරාපිටිය රෝහල වෙත යොමුකිරීමට සිදුවි ඇත. තවලම හිනිදුම ආදි දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන් මෙම තත්වය නිසා ගැටළු රැසකට ලක්ව ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක කේ.එම් සෝමරත්නගෙන් කළ විමසුමකදි මෙසේ කිවේය.

“ඔය කියන කථාව හරියට හරි. අපිට ශල්‍යාගාරයේ හා දැඩිසත්කාර ඒකකයේ කටයුතු කිරිමට නොහැකිවෙලා තියෙනවා. වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විදියට මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා උඩුගම රෝහලේ සේවය කළේ. එම වෛද්‍යවරුන් දෙදෙනාගේ පුහුණුව සම්පුර්ණ කිරිම සඳහා විදේශගතවි තියෙනවා. ඇත්තටම නිර්වින්දන වෛද්‍යවරුන් සඳහා මැත කාලයේ විශාල ඉල්ලුමක් තියෙනවා. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂය අධ්‍යක්ෂක වරයා දැනුවත් කරලා තියෙනවා.“ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කිවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“ලෙජන්ඩ්ස්“ ලා කුජීතයි!

Next Post

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.