බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

“ලෙජන්ඩ්ස්“ ලා කුජීතයි!

by Lankasara News
මාර්තු 22, 2022
in නියුට්‍රල් අම්පයර්
Mahela Jayawardene
Share on FacebookShare on Twitter

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයාගේ ඇඟ බේරා ගැනීමේ කලාවේ ගැලවුම් කාරයා මහේල ජයවර්ධනය. මහේල ජයවර්ධන ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස මුලින්ම නාමල් රාජපක්ෂ ඇමතිවරයා විසින් පත් කළේ සහායට කුමාර් සංගක්කාරද එයට ඇතුළත් කරය. මේ ක්‍රීඩා සභාව පත් කර වසර එකහමාරක් ගත වී ඇතත් ක්‍රීඩාවේ උන්නතියට මෙතෙක් ඉන් ඉටු වූ කෙංගෙඩියක් නැත. සිදුවන්නේ ඉඳ හිට සිදු කෙරෙන සූම් මීටින් පමණි.

ක්‍රීඩා පණත සංශෝධනය කිරීම මේ සහාවට පැනවුණු ප්‍රධානම කටයුත්තකි. මුලදීම මේ සඳහා වසරක් ගත වන බව මහේල ප්‍රකාශ කළද වසර එකහමාරක් ගතවී ඇතත් තවම එය සාකච්ඡා මට්ටමේය. ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීම නාමල් ඇමතිවරයා මහේලට පැවරුණු අනෙක් ප්‍රධාන කටයුත්තය.

ඒ අනුව ක්‍රිකට් බලධාරින්ට උපදෙස් දීම සඳහා මහේලගේ නිර්දේශයෙන් අරවින්ද ද සිල්වා( සභාපති) මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර යන අයගෙන් සමන්විත ක්‍රිකට් උපදේශන මණ්ඩලයක්ද පත් කරනු ලැබීය. මුරලිදරන්ගේ උවමනාවට ටොම් මූඩි උපදේශකයකු බවට පත් කරන ලද්දේ වසරකට දින සියයක් පමණක් වැඩ කිරීමට හැකි කොන්දේසියක් සහිතව කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක් පිරිනමමිනි. මේ සියලු උපදේශකයන් ඇතිවත් තවමත් ශ්‍රී ලංකා පිලට ප්‍රධාන පුහුණුකරුවකු නොමැත.

ප්‍රධානම තරගාවලි දෙකකට ඕස්ට්‍රේලියාවට හා ඉන්දියාවට ගියේ තාවකාලික පුහුණුකරුවකු හා තාවකාලික කළමනාකරුවකු සමගය. තමන් විසින්ම තමන්වම පුහුණු උපදේශකයකු ලෙස ක්‍රිකට් ආයතනයේ වැටුප් ලැයිස්තුවට එක් කරවා ගත් මහේල කණ්ඩායම සමග එක්වූයේ ලෝක කුසලාන තරගාවලියේ සුදුසු කම් ලැබීමේ වටයේ තරග කිහිපයකට පමණි. ඒ සඳහා ඔහු ඇමරිකානු ඩොලර් 15,000ක් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගත්තේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඉන්පසු අවුරුදු 19 න් පහළ ලෝක සූරතාවට ශ්‍රී ලංකා පිල සමග කොදෙව් බලා ගියද ඉන් ශ්‍රී ලංකා පිල ලැබුවේ හය වැනි ස්ථානයයි. දැන් ඔහු ජනවාරි මස සිට වසරක කාලයක් සඳහා සියලුම කණ්ඩායම්වල උපදේශක ලෙස පත් වීමක් ලබා ගත්තේය. ඒ සඳහා මාසික වැටුප ඩොලර් 18,000 කි. එය දළ වශයෙන් රුපියල් හතලිස් හය ලක්ෂයකි. එය කජු ඇට කොස් ඇට නොවේ.

එහෙත් මේවන විට මහේල ඉන්නේ ඉන්දියාවේය. මාස තුනකට එහි ගොස් ඇත්තේ මුම්බායි ඉන්දියන් පිල IPLතරගාවලියේ පුහුණු කිරීමටය. එය අවසන් වූ පසු ඔහු එංගලන්තයේ තරගාවලියකට යයි. ඒ අතර සූම් තාක්ෂණයෙන් ක්‍රීඩා සභාවේ වැඩත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක වැඩත් කරයි. ලක්ෂ හතලිස් හයක මාසික වැටුපද ලබයි. ක්‍රීඩා පණතට අනුව ක්‍රීඩා සභාවේ අයකුට පුහුණුකරුවකු හෝ ක්‍රීඩා සංගමයක වැටුපක් ලැබිය නොහැක. මහේල මෙතරම් නීති විරෝධී වැඩක් කරද්දී ක්‍රීඩා ඇමතිවරයා එය නොදැක්කා සේ සිටී.

අපේ රටේ ක්‍රිකට් හැදිල්ල කෙසේ වෙතත් මහේලත්, මුරලිදරනුත්, සංගක්කාරත්, ටොම් මූඩ්ත් ,ලසිත් මාලිංගත් දැන් IPL වලට මුල් තැන දෙමින් මාස තුනකට ඉන්දියාවට ගොසින්‍ ය.
අපි දවස් පහේ ටෙස්ට් තරග දවස් තුනෙන් ඉවර කරමින් සිටින්නෙමු. ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක සභාවත් මහේලලාට, අරවින්දලාට හා ඔවුන් පත්කළ නාමල් ඇමතිවරයාට බියෙන් උඩ බලාගෙන සිටිති. කියන කියන දේ කරති. ඒ අතර තම තමන්ගේ ව්‍යාපෘතිද ඔය අස්සේම කර ගනිති. කෙළවෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ සහ කෑම හිඟ නිසා කිකිළියන් ලක්ෂයක් මසට විකුණලා…බිත්තර තවත් මිල වැඩි වේවි…

Next Post

නිර්වින්දන වෛද්‍යවරු නෑ… ගාල්ලේ රෝහලක සියලුම සැත්කම් ඇනහිටී…

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.