බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

by editor
නොවැම්බර් 30, 2024
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayer

  • ක්‍රිකට් පිටිය ඔට්ටු පිටියක් කර ක්‍රීඩකයින් රෙස් අස්සයින් කරන අපට නොපෙනෙන ලොකුම සූදු කරුවා අයි.සී.සී ය ද?. බුකි කාරයන්ගේ සල්ලිවලින් ක්‍රිකට් ගහන ගමන්  ක්‍රීඩකයන් පසුපස පන්නන අයි.සී.සී. එකත් හෙළුවෙන්…

ක්‍රිකට් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසය. ඒ ඉස්සරය.  දැන් ක්‍රිකට් සූදු කාරයන්ට යට වී හමාරය.

ක්‍රිකට් ගහන හැම තැනකම අනුග්‍රාහකයන් බවට පත්ව ඇත්තේ සූදු කරුවන්ගේ බෙටින් ඇප්‍ ය.

මේ බෙටින් ඇප් අනුග්‍රාහකයන් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ ක්‍රිකට් එක්කය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලංකා ප්‍රිමියර් ලීගයේ වැඩිම අනුග්‍රාහකයන් වන්නේ මේ කියන බෙටින් ඇප් ය.

මේ බොහෝ බෙටින් ඇප් කාරයෝ තරග වලට ඔට්ටු අල්ලන ඇප් එකට අමතරව ඒ නමින්ම නිව්ස් ඇප් එකක්ද පවත්වාගෙන යන අතර ඒ නම් දෙකින්ම අනුග්‍රාහකත්වද පිරිනමයි.

එකම සූදු කරුවා දෙපැත්තටම ෆන්ඩ් කරමින් ක්‍රිකට් ගැස්සන්නේ අයිසීසී නොදැන ද?

මෙය දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ හොඳින්ම පෙනේ.

දකුණු අප්‍රිකානු පිලේ අනුග්‍රාහකයා ඩෙෆා බෙට් ය. ශ්‍රී ලංකා පිලේ අනුග්‍රාහකයා ඩෙෆා නිව්ස් ය.

මීට අමතරව ඩෙෆා බෙට් මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයකු ලෙසද කටයුතු කරයි.

මේ බෙටින් ඇප් වල මේ තරග සඳහාම විවිධාකාරයෙන් ඔට්ටු ලබා ගැනීමද සිදු කරයි.

ඔට්ටු කාරයන්ගේ බහට තරග පාවා දෙන ක්‍රීඩකයන් පසුපස ලුහුබඳින අයිසීසිය හා ඔවුන්ගේ දූෂණ මර්ධන ඒකකය මේ ගැන නිහඬය. පුදුමයට කරුණ මේ නිහැඬියාවයි.

ලංකාවේ ක්‍රීඩා නීතිය අනුව ඔට්ටුකරුවන්ට ක්‍රිකට් පරිපාලනයටවත් ඒමට නොහැක. තිලංග සුමතිපාලට ක්‍රිකට් දොරටුව වැසී ගියේ හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට ගෙනා මේ නීතිය නිසාය.

ඒ අනුව තිලංග එළියේය. ඒත් ඔට්ටු කාරයන්ගේ ඇප් අපේ ක්‍රිකට් වල නැති තැනක් නොමැති තරම්‍ ය.

අපේ රටේ නීතිය අනුව රට තුළ නීත්‍යානුකූලව ඔට්ටු ඇල්ලීමට අවසර හා බලපත්‍ර ලබා දී ඇත්තේ පිටරට දුවන අශ්වයන්ටය.

ලංකාවේ සූදු කාරයින්ට අස්සයින් දුවවන ගමන් ක්‍රිකට් ඔට්ටු අල්ලන්න පුලුවන් ද?

ඔවුන් දැන් ක්‍රිකට් වලටද ඔට්ටු අල්ලන්නට පටන් ගෙන තිබේ.

ඒ මදිවාට ක්‍රිකට් තරග ප්‍රචාරණයට අනුග්‍රාහකත්වය සැපයීමටද දැන් පටන් ගෙන තිබේ.

දුම් වැටි හා මධ්‍යසාර වලට අපේ රටතුළ ප්‍රචාරණය කිරීමට බැරි නීතියක් පවතී.
සූදුවට හා සූදුකරුවන්ටද එසේ ප්‍රචාරණය කළ හැකිද නොහැකිද යන්නට නීති විශාරදයන් පවා හරි පිළිතුරක් නොදෙයි.

කෙසේ වෙතත් මේ රටත් අපේ ක්‍රිකටුත් මෙහෙම ගියොත් බෙටින්ලන්තයක් වී බෙටින් ක්‍රීඩාවක් වීම වැළැක්විය නොහැක.

රට හදන්න තුනෙන් දෙකක බලයක් ලැබූ මාලිමා රජයද මේ ගැන ඇස්කන් වසාගෙන සිටියහොත් මෙය පාසල් වලටත් රිංගනු වැඩි ඈතක නොවේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

නියුට්‍රල් අම්පය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ  මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස දෙන්නෙත් හවුලේ පාවිච්චියට… රජය කියයි!

Next Post

කුඹුරු වගේ ටර්ෆ් මිදුලෙ හදාගෙන රෙකෝඩ්වලට ගොස් ලැබූ ක්‍රිකට් ස්වයං වින්දනය කුඩුවන හැටි!

Related Posts

නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023
නියුට්‍රල් අම්පයර්

කාටත් නොපෙනන තේරීම් කමිටුවේ ඇත්ත!

අගෝස්තු 26, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.