බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කුඹුරු වගේ ටර්ෆ් මිදුලෙ හදාගෙන රෙකෝඩ්වලට ගොස් ලැබූ ක්‍රිකට් ස්වයං වින්දනය කුඩුවන හැටි!

by editor
නොවැම්බර් 30, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 233කින් පරාදය. අල්ලා පොළොවෙ ගැසුවා සේය. ජයග්‍රහණයේ දී වඩාගෙන ගොස් පරාජයේ දි අල්ලා පොළොවේ ගසා වැඩක් නැත. ඒත් පැහැදිලිව කිව යුතු කතාවක් තිබේ. අපේ ක්‍රිකට් ගෙදර මිදුලේ වැඩ පෙන්වන ඉඳිකඩෙන් එපිටට ගිය පසු නැට්ට දෙපරංශය අස්සේ ගසාගෙන නොන්ඩි ගහමින් යන බලු පැටව් ගානය. වැඩ පෙන්වන තරමක් කුඹුරු වගේ හදාගත් පිච්වල රට ඇතුළේ දීය.  ප්‍රමිතිගත තණතිරුවක් වේග පන්දුවට උචිත දෝලනයක් සහ වේගයක් සහිත වනවිට සිදුවන දේ මේ තරගයේ මුල් ඉනිමේ දී දුටුවේය.

දිමුත්… ඉනිම දෙකේදීම ලකුණු 06යි..

දැනට ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක තුනේ පසුවන කණ්ඩායමක් ක්‍රිකට ගැසිය යුතුය. ඒ කණ්ඩායමේ ක්‍රිකට් වලට නාකි වූ පරිණත ක්‍රීඩකයින් අඩක් ඉන්නවිට අපට පිච් එක මැද ලී කෙළි නටා පෙන්නා වැඩක් නැත. ඒ ක්‍රිකට් වල තර්කයක් නැත. පන්දු ඕවර 14ක් නිමා වන්නට පෙර මුල් ඉනිමේ ලකුණු 42කට සියල්ලන් දැවී යෑම සම්බන්ධව වසර 40කට වඩා ජාත්‍යාන්තර ටෙස්ට් ක්‍රීඩා කරන ජාතියකට කියන්නට දෙයක් නැත. ඉතිහාසයේ ක්‍රීඩා කළ අඩුම ලකුණු සංඛ්‍යාව සහිත ටෙස්ට් ඉනිම අප වාර්තා කළේය.

මුල් ඉනිමේ ලකුණු 191ක් ලබා ගත් දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමේ තරගය ආරම්භ කරන්නේ ලකුණු 149ක් ඉදිරියෙන් ඉඳගෙනය.

දෙවැනි ඉනිමේ දී උන් අපට වඩාගෙන ගැවුවේය. ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 122කි. මුල් ඉනිමේ ද ලකුණු 70ක් ලබා ගත් නායක ටෙම්බා බවුමා ලකුණු 133කි. සිවුවන කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 249කි. දකුණු අප්‍රකිනුවන් ලකුණු 366කට සිය දෙවැනි ඉනිම නිමා කරන්නේ කඩුළු 05ක් පමණක් දැවී ගොස් තිබිය දී ය. අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙකක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුළු 2ක් ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 122කි. නායක ටෙම්බා බවුමා ලකුණු 133කි

ලකුණු 515ක ඉලක්කයක්…

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණෙන්නේම ජය ගන්නට නොව, පරාජයේ අන්තරය අඩු කරගන්නට ය. මුල් ඉනිමේ ලකුණු 42කට දැවී යන ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ඉලක්කය ලෙස ලකුණු 515ක් ලැබී තිබිණි. අප හිටියේ ආශ්චර්යයක් පහළ වුනත් දිනන්නට බැරි තැනකය.

පැතුම් නිශ්ශංක යනු ඉතාම ඉහළ දක්ෂතාවයක් දකුණු අප්‍රිකානු තණ තීරුවල පෙන්නූ ක්‍රීඩකයෙකි. ඔහුගේ මංගල  ටෙස්ට් තරගයේම පළමු ශතකය වාර්තා කරන්නේ දකුණු අප්‍රිකාවේදී ය. එහෙත් පැතුම් මේ තරගයේ ඉනිම දෙකේදීම ෆේල්ය. මුල් ඉනිමේ ලකුණු 3කි. දෙවැනි ඉනිමේ ලකුණු 23කි. දිමුත් කරුණාරත්න අන්තිම ගොබ්බය. මුල් ඉනිමේ ලකුණු 2කි. දෙවැනි ඉනිමේ ලකුණු 04කි. ඉනිම දෙකේදීම ලකුණු 06කි. මුල් ඉනිමේ කෙළවුන බව දැනගෙන දෙවැනි ඉනිමේ රටට සාධාරණයක් කිරීමට වයසක දිමුත්ට මෙන්ම ටොන් ගණන් ටෙස්ට් ගැසූ මැතිව්ස්ටත් හැකි වුනේ නැත.

516ක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී යනවිට මුළු ලකුණු ගණන 12කි. පැතුම් නිශ්ශංක දෙවැනි කඩුල්ලට දැවී යන්නේ ලකුණු 38ක්ව තිබිය දී ය. තුන්වැනි කඩුල්ල ලකුණු 82 දී දැවී යන්නේ ය. ඈන්ජලෝ මැතිව්ස් 3 වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 82කි. ටෙස්ට් වික්‍රම පාමින් පැමිණි කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනිමේත් ෆේල්ය. ඔහු ලකුණු 10කට දැවී යන්නේය. මුළු ලකුණු සංඛ්‍යාව ඒ වනවිට 99කි. 99ට කඩුළු 4කි. ඊයේ සවස නයිට් වොච්මන් ලෙස අන්තිම කෑල්ල අල්ලා දෙන්නට එවූ ප්‍රභාත් ජයසූරිය එක් ලකුණකට දැවී ගියේය. තරගය ඊයේ දිනයේ අවසන් වන්නේ ලකුණු 101ට කඩුළු 05ක් වශයෙනි. දැන් දිනන්න නම් ලකුණු 415ක් අවශ්‍යය. අපට තිබුණේ ලකුණු 400ක් වැනි ගානකින් නොපරදින ලෙස දෙවියන්ගෙන්  ඉල්ලා සිටින අහිංසක ප්‍රාර්ථනාවය.

විලි ලජ්ජානැති පරාජයක අන්තරය අඩු කිරීම

කෙසේ වෙතත් ඉන් අනතුරුව ගෞරවය බේරා ගැනීමේ සටනේ දී දිනේෂ් චන්දිමාල් සහ නායක ධනංජය ද සිල්වා අර්ධ ශතක රැස්කරගෙන විලි ලජ්ජා නැති පරාජයේ අන්තරය අඩු කරගැනීමේ සටනක නිරත වූහ. චන්දිමාල් වටිනා ලකුණු 83ක් රැස් කළේය. ඔහුට ජීවිතයේ වැදගත්ම ශතකයක් අත් හැරුණු බව විශ්වාස කරමු. එහු මේ ලකුණු 83 සඳහා පන්දු 174කට මුහුණ දුන්නේය. හොඳ පන්දු පමණක් තෝරා ගත්තේය. හතරේ පහර 12ක් එල්ල කළේය. මිනිත්තු 295ක් ක්‍රීඩා පිටියේ රැඳී සිටියේය. අත් නොහළ අධිශ්ඨානයකින් ගෞරවය උදෙසා සටන් කළේය.

ධනංජය ද සිල්වා ලකුණු 59ක් රැස් කළේය. පන්දු 81ක දී ලබා ගත් එම අර්ධ ශතකයට හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. කුසල් මෙන්ඩිස් හතරේ පහර 09ක් සහිතව ලකුණු 48ක් රැස් කළේය.

චන්දිමාල් ගේ හැරෙන්න මේ සෑම ඉනිමක්ම අපතේ ගිය ඉනිම්ය. අවස්ථාව තේරුම් අරගෙන ක්‍රිකට් ගැසීමේ ස්වභාවය වඩා වික්ෂිප්ත වී අත්හැර දැමූ තරගයක කාලය ගෙවා දැමීමක් වැනි යමක් මේ ඉතා කෙටි සහ කෙටි ඉනිම්වල තිබිණි. එසේ අත් නොහැරි අධිෂ්ඨානයක් තිබුණා නම් එක් ශතකයක්වත් මේ ඉනිමේ දී වාර්තා කළ යුතුය. මක්නිසා ද යත් තවදුරටත් තරගය පන්දු යවන්නනට සීමා නොවී විවෘතව තිබුණු බැවිනි.

තරගය කුජීත වෙන්න පරාදය. සිද්ධ වී තිබුණ එකම දේ තුන්සිය හාරසිය ගණන්වලින් පැරදෙන්නට තිබූ තරගයේ දී පරාජයේ අන්තරය ලකුණු 233ක් දක්වා අඩු වීම පමණය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී ලකුණු 282කට සියල්ලෝම දැවී ගියහ. මුල් තරයේ එක් ඉනිමක් පැය එකයි කාලකට සීමා වුන තරගයක් දවස් පහක් ගහන්නට කොහෙත්ම ඉඩක් නැත.

මාර්කෝ ජැන්සන් තරගයේ දී  කඩුළු 11යි..

ජේසන් කඩුලු 11යි..

මුල් ඉනිමේ දී පන්දු 41ක දී ලකුණු 13කට ශ්‍රී ලංකා කඩුළු 07ක් බිඳ හෙලූ මාර්කෝ ජැන්සන් දෙවැනි ඉනිමේ ද කඩුළු හතරක් බිඳහෙලුවේය. ඒ ලකුණු හැත්තෑ තුනකටය. කගිසෝ රබාඩා කඩුළු දෙකක්, ජෙරල්ඩ් කොට්සී කඩුළු දෙකක්, කේෂේව් මහරාජ් කඩුලු දෙකක් ලැබුවේය.

දැන් බලා ඉන්නා අපට අපේ ක්‍රිකට් හොඳටම තේරෙන්නේය. සැලසුමකින් තොරව එදාවේල ක්‍රිකට් ගැසීමේ ප්‍රතිඵලය ගෙදරින් එලියට ගියාට පස්සේ නැවු ගුටි කෑමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් සොච්චමකින් මිල අඩුවෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.