සත්ත්ව ආහාරවල සහ ඖෂධවල පවතින දැඩි හිඟය හේතුවෙන් කිකිළියන් ලක්ෂයක් මස් පිණිස ලබා දි ඇතැයි රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් නුවන් හේවාගමගේ සඳහන් කරයි.
බිත්තර නිෂ්පාදන ක්‍රියාවලියට පෙර කිකිළියන් මෙසේ මස් පිණිස ලබා දිමට සිදුව ඇත්තේ ආහාරවල හා ඖෂධවල පවතින දැඩි හිඟය හේතුවෙන් යැයි ඔහු පෙන්වාදේ.
බිත්තර මිල ඉහළ යාමට හේතුවක් වී ඇත්තේද කිකිළියන් මස් පිණිස ලබා දීම හේතුවෙන් යැයිද හෙතෙම පෙන්වාදේ.
මේවන විට කිරි ගවයින්ට අවශ්‍ය ආහාර නොමැති වීම හේතුවෙන් කිරි නිෂ්පාදනය ලීටර මිලියන 30ක් අඩු වී ඇති බවද පෙන්වාදේ.
සිහිනැති කිරීමට ගන්නා ඖෂධ සැත්කම් සඳහා භාවිත කරන ඖෂධ ප්‍රතිජීවක ඖෂධ හිඟතාවක් හා මිල වැඩිවිමක් ද ඛනිජ හා විටමින් වල හිඟයක් ද මේ වන විට උග්‍රව පවතින බවද හේවාගමගේ පෙන්වාදේ.