ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බව එම පක්ෂයේ ලේකම් නිසාම් කාරියප්පර් අද ( 22) නිවේදනය කළේය.
තමන්ගේ ස්ථාවරය අද දිනය තුළ ප්‍රකාශ කරන බව පැවසුව ද රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමුළුවට සහභාගි වීම පිළිබඳව තවමත් ප්‍රකාශ කර නැත.
මේ වනවිට ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා ජාතික සන්ධානය හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානයේ නියෝජනයක්වන ටෙලෝ සංවිධානය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන්නේ නැත.
අභ්‍යන්තර ගැටුම් හමුවේ වුවද දෙමළ ජාතික සන්ධානය මේ අවස්ථාවට එක් වනු ඇති බව වාර්තා වේ.
සර්වපාක්ෂික සමුළුව සඳහා තම පක්ෂය සහභාගි වන බවයි එක්සත් ජාතික පක්ෂය තහවුරු කර ඇත.







