පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සමත් වුවත් එරට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වීමේ අවාදානමකට මුහුණ දී තිබේ.
ඒ අනුව එවැනි අවස්ථාවකදී නිර්මාණය වන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කිරීමට එරට ජනාධිපතිවරයාට මැදිහත් වීමට සිදුවනු ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථා ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයාට අග්‍රමාත්‍යවරයා සතුව බහුතර බලයක් නොපවතින බවට හැඟුණහොත් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය පළකරන පිරිස පිළිබඳ සොයා බැලීමට ඡන්දයක් කැඳවීමට හැකියාව පවතී. කෙසේ වෙතත් පාකිස්තාන ජනාධිපතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නොහැති බවද සඳහන් කළයුතුය.
ඒ අනුව අග්‍රාමත්‍යවරයාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සංඛ්‍යාත්මකව නොපැවතියද ජනාධිපතිවරයා හට අග්‍රාමාත්‍යවරයාට බහුතර බලයක් ඇතැයි හැඟේනම් විශ්වාසභංගය යෝජනාවක් ගෙන ඒමට නොහැකි බවද පාකිස්ථාන මාධ්‍ය පේනවා දෙයි. පාකිස්ථාන ජාතික සභාව ආසන 342කින් සමන්විත අතර ඉම්රාන් ඛාන් නායකත්වය දරන ආණ්ඩු පක්ෂයට මේවන විට ආසන 178 පවතියි. කෙසේු වෙතත් පාකිස්ථානයේ ජාතික සභවේ බහුතර බලය ලබා ගැනීමට ආසන 172ක් පැවතිය යුතු අතර යම් හෙයකින් පාලන බලය හිමි සන්ධානයේ මන්ත්‍රීවරුන් 7දෙනෙකු විපක්ෂයේ අසුන් ගතහොත් ඛන් හට සිය බලය අහිමිවීමේ දැඩි අවධානමක් නිර්මාණය වි තිබේ.
ඉම්රාන් ඛාන් පලානය දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතරම රුසියාව සමඟද සම්බන්ධතා වර්ධණය කර ගැනීමට උත්සුක විය. ඒ අනුව යුක්‍රේන අර්බුදය අතරතුරදීම කාන් රුසියානු ජනාධිපති හමුවීමටද පියවරගෙන තිබිණි.