කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ අසාමන්‍ය වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් එසේ රෝගීන් වැඩිවන මූලාශ්රයන් සොයා ගැනීමට පවා මේ වන විට අසීරු වී ඇතැයි නිවෙස්ගත කොවිඩ් රෝගී සත්කාර සේවාවේ ප්‍රධාන වෛද්‍ය මල්කාන්ති ගල්හේන සඳහන් කරයි.
දිනෙන් දින රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වන බවත් මෙම රෝගීන් සමග කථා කිරීමේදී රෝගය ඔවුන්ට වැළදී ඇත්තේ කෙසේද යන්න පවා හෝ ඔවුන් නොදන්නා බවට ප්‍රකාශ කිරීම මත රෝගය සමාජය පුරා මේ වන විට පැතිර ඇතැයි විශ්වාස කළ හැකියැයි ඇය කියයි.
රෝගය තව දුරටත් පැතිරීම පාලනය කිරිම සදහා සෑම පුද්ගලයෙකුම සෞඛ්‍ය ආරක්ෂිත උපක්රමයන් භාවිත කරන්නැයිද එසේ නොවුණහොත් නැවතත් ජනජිවිතය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වක් ඇතිවන බවද ඇය පෙන්වාදේ.