බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොම්පෝස්ට් පොහොර කිලෝ 25000ක් තනියම හදාගෙන වී ගොවිතැනට බැස්ස තෝරපිටියේ හේරත් බණ්ඩා

by editor
නොවැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වී වගාව සඳහා ගොවීන් රසායනික පොහොර ඉල්ලා අරගල කරන කාලයක මොරගහකන්ද කලාපයේ තෝරපිටිය   ගම්මානයේ ගොවි  මහතෙකු තම ගෙවත්තෙන් නිපදවා ගන්නා ලද කාබනික පොහොර භාවිතයෙන් අක්කර 05 ක භූමි ප්‍රමාණයක්   වගා කිරීමට පෙළඹීමේ පුවතක් වාර්තා වේ.

මෙලෙස කාබනික පොහොර භාවිතයෙන් පමණක් තම පවුලේ සාමාජිකයින් ද ඒකරාශී කරගනිමින් වී ගොවිතැන් කිරීමට පෙළඹී ඇත්තේ තෝරපිටිය  ගම්මානයේ වයස අවුරුදු 53 වියැති  දෙදරු පියකු වන එච්.එම්.හේරත් බණ්ඩා ය.

ඔහු වසර 37ක් සිට වී වගාව කරන ගොවි මහතකු වන අතර ඉකුත් කන්නයේ ද ඔහු අක්කර  5ක භූමි ප්‍රමාණයක කාබනික     වී වගා කොට තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

හේරත් බණ්ඩා   අවට පරිසරයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ය අමුද්‍රව්‍ය සොයා ගෙන ඉකුත් ඔක්තෝම්බර් මස දහ වන දා කාබනික පොහොර නිෂ්පාදනය  ආරම්භ කර ඇති අතර එම පොහොර මේ වන විට තම වී වගාවට  යොදමින් සිටින බවද අප සමග පැවසීය.

තමන් මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර කිලෝ 25000 ප්‍රමාණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ බවත්, ඉන් තමන් වගා කළ වී වගාවට  අවශ්‍ය කාබනික පොහොර  යොදා අවසන් කළ පසු  ඉතිරිවෙන  පොහොර ප්‍රමාණය ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියට අලෙවි කිරීමට  සූදානම් කර තිබෙන බවත්  හේරත් බණ්ඩා ගොවි මහතා අපට කීවේය.

කාබනික පොහොර නිෂ්පාදනයෙන් වී වගා කරන හේරත් බණ්ඩා ගොවි මහතා තම අදහස් අප සමග මෙලෙස සඳහන් කළේය.

” මම   අනෙක් ගොවියෝ රසායනික පෝර ඉල්ලලා උද්ඝෝෂණය කරනකොට මම කෙරුවෙ කාබනික පෝර හදන එක.  දැන් මම ඔක්තෝබර් මාසේ ඉඳලා මේ වෙනකොට කාබනික පොහොර කිලෝ 25000 ක් හදලා තියෙනවා. ඒකෙන් මගේ කුඹුරු අක්කර පහට කිලෝ 4000 ගානේ කිලෝ 20000 දාන්න තියාගෙන ඉන්නවා. ඉතුරු කිලෝ 5000  මම මහවැලියට විකුණනවා.

කාබනික පොහොර

මම කියන්නේ පාඩු වෙන්න හරි ලාභ වෙන්න හරි මේක කරලා බලන්න ඕනේ. කාබනික පොහොරවලින් වගා කරන නිෂ්පාදන වැඩි මිලට ගන්නවා කියලා කෘෂිකර්ම ඇමති තුමයි ජනාධිපතිතුමයි පොරොන්දුවක් දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ  නිෂ්පාදන රජය වැඩි මිලකට ගනී කියලා.

ඉතින් මා තීරණය කළා පරිසරය තියෙන අමුද්‍රව්‍ය හොයාගෙන ගොවිතැනට අවශ්‍ය පොහොර ටික හදලා ගුණාත්මක නිෂ්පාදනයන් වෙළඳපලට ලබාදෙන්න.  කාබනික පොහොර නිෂ්පාදනයට වැඩි වියදමක් යනවා තමයි. නමුත් අපිට නිෂ්පාදන  වලට හොඳ මිලක් ලැබෙනවනේ. ඒ වගේම වස විස නැතුව හොඳ ආහාර වේලක් අපිට ගන්න පුළුවන්.“ ‍යැයිද හේරත් බණ්ඩා ගොවි මහතා අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීමක්… සෞඛ්‍ය බලධාරීන් කියයි!

Next Post

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලද 41000ක් ලියාපදිංචිය ලබන සතියේ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.