පොදුරාජ්‍ය මණ්ඩලීය රාජකීය සංවිධානය විසින් සංවිධානය කරන ලද “රැජන ගේ රචනා තරගාවලිය – 2021“ ඉංග්‍රීසි ජ්‍යේෂ්ඨ අංශයේ රන් සම්මානය හා ලෝකඩ සම්මානය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගනුම ලබන සහෝදරයන් දෙදෙනෙක් විසින් හිමි කරගෙන තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කළ තරගකරුවන් 26000ක් සමග තරග වැදී මෙම සම්මාන දිනාගත් දෙසෝයුරන්ගෙන් රන් සම්මානය දිනූ දිනරස ආරියවංශට වයස අවුරුදු 17කි. ඔහු උසස්පෙළ හදාරමින් හිඳී.
ලෝකඩ සම්මානය දිනාගත් දිලින ආරියවංශට තවම වයස අවුරුදු 13කි. මේ දීප්තිමත් දරු දෙපළගේ පියා පේරාදෙණිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ ආරියවංශය.
මව පුස්සැල්ලාව රෝහලේ දන්ත වෛද්‍ය එච්.ආර්. මණතුංගය.