මනම්පිටිය – නිමල් ජයරත්න –
පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් සාධාරණ මිලකට සහල් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද මේ වන විට සිල්ලර වෙළඳුන් හිතු හිතූ මිල ගණන් වලට සහල් අලෙවි කරන බව පාරිභෝගික ජනතාව පවසති.
රටේම හාල් මිල හදන පොලොන්නරුවේම නාඩු සහල් කිලෝවක් රුපියල් 117ක මිල කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 145 ක් මිලකටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 170ක මිලටත් සිල්ලර වෙළෙන්දන් විසින් අලෙවි කරමින් ඇත.
පොලොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයින් මාධ්‍ය සාකච්ඡා කැඳවමින් කියා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් එක 110ටත් ,සම්බා සහල් කිලෝවක් රුපියල් 140 කටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165 කටත්, ලබාදෙන බවය.
අප මේ පිළිබඳව පොලොන්නරුවේ සිල්ලර සහල් වෙළඳුන් කිහිප දෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඇතැම් සහල් නිෂ්පාදකයින් මාධ්‍යයට ප්‍රකාශ කළ මිලට සහල් ලබා නොදෙන බවත්, ප්‍රවාහන ගාස්තු, හා කවර සඳහා වැඩි මිලක් ලබා දීමට සිදුව ඇති නිසා සුළු ලාභයකුත් ලබා තමන්ට එම මිල ගණන් වලට සහල් විකිණීමට සිදුව ඇති බවත්ය.
අප මේ පිළිබඳව පොලොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින් කිහිපදෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පවසා සිටියේ තමන් ප්‍රකාශ කළ මිලට සහල් ලබාදෙන බවත් සිල්ලර වෙළෙඳුන් හිතූ හිතූ ලෙස සහල් ඉහල මිලකට විකිණීම තමන්ට පාලනය කළ නොහැකි බවත්ය.
කෙසේ වෙතත් වෙළෙඳ පොළේ වැඩි මිලට සහල් පාරිභෝගික ජනතාවට අලෙවි කරනවා නම්, ඒ සඳහා රජයත් පාරිභෝගික සේවා අධිකාරියත් එක්ව සහල් මිල පාලනය කිරීමට ක්‍රියා කළ යුතු බව ඔවුහු පවසති.