අනවසරයෙන් වගුරු බිමක් ගොඩ කරමින් සිටි කිරිබත්ගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු අද (21) අත්අඩංගුවට ගෙන ඇත.
කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හුණුපිටිය දලුපිටිය පාරේ වගුරු බිමක් කාලාන්තරයක් තිස්සේ ඔහු ගොඩ කරමින් සිට ඇති අතර මෙම නීතිවිරෝධි ඉදි කිරීම වැටලූ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ බලාත්මක කිරීමේ ඒකකය එම ගොඩ කිරීම වටලා ඇති අතර එම අවස්ථාවේ කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාපාරිකයා කැලණිය ප්‍රදේශයේ දේශපාලන බලය තහවුරු කරගෙන සිටින රජයේ ප්‍රබල ව්‍යපාරිකයකුගේ සමීපතම ආධාරකරුවකු බවට පැවසෙන අතර ඔහුගේ දේශපාලන බලයද භාවිත කරමින් මෙම අනවසර ගොඩ කිරීම් සිදුකර ඇත්තේ ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවට දැඩි හානියක් සිදුකරමින් බවට සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුර විජේතුංග නම් කන්ටේනර් මෙහෙයුම්වලට සම්බන්ධ ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත අතර ඉඩම් සංවර්ධනය කිරීම් සංස්ථාව 2021 අංක 13 පනත යටතේ අනවසර ගොඩ කිරීමක් ඇප දිය නොහැකි වරදක් බව ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.