සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොරෝනා එන්නත් උවමනා වෙලාවේ බිලියන ගානක හෙලිකොප්ටර් ගේන්න යනවා” – විපක්ෂ නායක

by Lanka Sara Editor
අප්‍රේල් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු ඩොලර් ලක්ෂ හත්සිය විස්සක් වියදම් කොට රුසියාවෙන් හෙලිකොප්ටර් හතරක් ගෙන්වීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත්,මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුත්තේ හෙලිකොප්ටර් ගැන්වීමටද ජනතාවට අවශ්‍ය කොරෝනා එන්නත් ටික ලබාදීමට දැයි ආණ්ඩුව දැඩි ව කල්පනා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත විය යුතු බවත් එහෙත් මේ ව්‍යසනකාරී මොහොතේ ජාතික ආරක්ෂාවට මුවාවෙමින් ආණ්ඩුව කඩිමුඩියේ, හෙලිකොප්ටර් සහ හමුදා වාහන ඇණවුම් කිරීමේ අරමුණ කුමක්දැයි තමන් ප්‍රශ්න කරන බවත් ඒ මහතා පැවසීය.

ඊයේ(28) නොච්චියාගම හොරුවිල ශ්‍රී තපෝධනාරාම රාජමහා විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත් අතර,ඉන් අනතුරුව එම පරිශ්‍රයට පැමිණ සිටි පිරිස අමතා මේබව පැවසීය.

“අද වන විට කොරෝනා තුන්වෙනි රැල්ල බොහොම සීඝ්‍රයෙන් රට පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ කොරෝනා තුන්වෙනි රැල්ල මැඩ පවත්වන්නට මේ රටේ ජනතාවගේත් සහයෝගය අවශ්‍යයි. මේ රටේ පොදු ජනතා වත් විනයානුකූලව මුව ආවරණ පළඳවා ගෙන ,දුරස්ථභාවය රඳවාගෙන , ඒ නියමිත උපදෙස් පිළිපදිමින් කොරෝනා තුන්වෙනි රැල්ල මැඩපැවැත්වීමේ ගමනට ඔබතුමන්ලා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්නට කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

ඒ වගේම මේ තුන්වැනි රැල්ල ගැන කතා කරනකොට මම ඔබතුමාලට කියන්න කැමතියි ඊශ්‍රායලය කියන රට කොරෝනා මැඩ පවත්වන්නට ඉතාමත්ම සාර්ථක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරල තිබෙනවා. ඒ රට ,ඒ රටේ නායකත්වය ,ඒ රටේ ආණ්ඩුව සෑම ඊශ්‍රායල් පුරවැසියෙක්ම එන්නත් කරලා තිබෙනවා ඒ අයගේ සෞඛ්‍යසම්පන්න භාවය සුරක්ෂිත කිරීම සඳහා. හැම පුරවැසියෙකුටම එන්නත ලබාදීම ඊශ්‍රායලය කරලා තිබෙනවා. ඊශ්‍රායලය කරපු දේ අපේ රටට කරන්න බැරිවෙලා තිබෙනවා. අපේ රටේ ඉන්නවා ලක්ෂ 220ක් ජනතාව. oxford astrazeneca එන්නතේ මාත්‍රාව එක්කෙනෙකුට දෙක ගානෙ දෙන්න ඕන. මාත්‍රා ලක්ෂ 440ක් අපේ රටට අවශ්‍යයි. ලක්ෂ 440ක් මාත්‍රා ඕන තැන ගෙනල්ලා තියෙන්නෙ මාත්‍රා ලක්ෂ දොළහයි . දැන් පළවෙනි මාත්‍රාව ගත්ත අයට දෙවැනි මාත්‍රාව නියමිත කාලය ඇතුළත දෙන්නට බැරිව මේ රජය ඉතාමත්ම අසාර්ථක විදිහට කොරෝනා මර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා.

මම දුටුව මිත්‍රවරුනි පුදුමාකාර ප්‍රවෘත්තියක්. අපේ රට සෝවියට් රුසියාවෙන් ඇණවුම් කරන්නට යනවා ලු M I – 171 හෙලිකොප්ටර් යානා හතරක්. එක හෙලිකොප්ටර් යානාවකට ගෙවන්න යනවා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 180ක්. එතකොට ගණන් හදලා බලනකොට හෙලිකොප්ටර් යානා හතරට වැය කරන්න යනවා ඇමරිකානු ඩොලර් ලක්ෂ 720 ක්. අපි අහන්න කැමතියි ,ඔවු අපේ ආරක්ෂක අංශ ශක්තිමත් කරන්නට ඕන. ජාතික ආරක්ෂාව බොහොම වැදගත්. ඒක ගැන කතාවක් නැහැ. ඒ ගැන තර්කයක් නැහැ . නමුත් එක හෙලිකොප්ටරයකට ඩොලර් ලක්ෂ 180ක් බැගින් හෙලිකොප්ටර් හතරක් රුසියාවෙන් ඇණවුම් කරන්නට කාලය ද මේක ? මාත්‍රා ලක්ෂ 440ක් එන්නත් ඇණවුම් කරලා නැහැ. නමුත් හෙලිකොප්ටර් හතරක් ඇනවුම් කරලා තිබෙනවා. එසේ මෙසේ මුදලක් නෙමෙයි ඩොලර් ලක්ෂ 720ක්. ඒ විතරක් නෙවෙයි අපිට ආරංචියි, හමුදාවේ සොල්දාදුවන් ප්‍රවාහනය කරන Armoured Personal Careers (ඒවට කියන්නෙ APC කියලා ) .ඒ හමුදාවේ නිලධාරීන් ප්‍රවාහනය කරන APC කියන වාහන 60ක් ඇනවුම් කරල තිබෙනවාලු.

මම නැවතත් කියන්න කැමැතියි රටේ ජාතික ආරක්ෂාව වැදගත්. කිසිසේත්ම නැහැ කියලා කියන්නේ නෑ. නමුත් කෝටි ප්‍රකෝටි ගණන් ,දස ලක්ෂ ගණනින් මිලියන ගණනින් ඩොලර් වැයකරලා හෙලිකොප්ටර් ගන්න කාලය ද මේ ? Armoured Personal Careers ගන්න කාලයද මේ ? මේ කාලේ ගන්න ඕන දේ තමයි එන්නත. එන්නත වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්නට ඕන. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් මිනිස්සු ජීවත් කරන්නට අවශ්‍ය එන්නත ඇනවුම් නොකර මේ හෙලිකොප්ටර් ගෙන්නන්න , Armoured Personal Careers ගෙන්නන්න මොකක්ද මේ ආණ්ඩුවට තියෙන උවමනාව ? අද මුළු රටම කොවිඩ් භීතිකාවෙන් සම්පූර්ණයෙන් වෙලිලා තියෙන්නෙ. දැඩි සත්කාර ඇඳන් නැහැ. රෝහල් වල සාමාන්‍ය ඇඳන් ටිකත් නෑ. බෙහෙත් ටික දෙන්නෙ නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය ම කඩා වැටිලා. හැම තැනකම කොවිඩ් පොකුරු නිර්මාණය වෙනවා. මේ වගේ භයංකාර තත්ත්වයක් තුළ හෙලිකොප්ටර නෙමෙයි ගෙන්නන්න ඕන, හමුදා භටයින් ප්‍රවාහනය කරන Armoured Personal Careers නෙමෙයි ගෙන්නන්න ට ඕන. තියන සම්පත් ටික යොදවන්නට ඕන එන්නත් මාත්‍රා ලක්ෂ 440 ගෙන්නන්න. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා සති 12 ක් ඇතුළත දෙවැනි මාත්‍රාව දෙන්න ඕන කියලා. දැන් ඒ කාලෙ ඉකුත් වෙලත් ඉවරයි. ඉස්සෙල්ලා කිව්වා අප්‍රේල් මැද දෙනවා කියලා. ඊට පස්සේ අප්‍රේල් අග දෙනවා කිව්වා. දැන් දිග්ගස්ස දිග්ගස්ස යනවා. දිග්ගස්සන්න දිග්ගස්සන්න මොකද වෙන්නේ ? අර එන්නතේ තියෙන ප්‍රතිශක්තිකරණ ධාරිතාවය අඩු වෙනවා. හැබැයි මේවා දෙන්නත් යන්නේ ලක්ෂ දොළහකට විතරයි. ඉතිරි අයට මොකද වෙන්නේ ? ලක්ෂ දෙසිය විස්සක් ඉන්නවා රටේ ජනතාව. මාත්‍රා ලක්ෂ හාරසිය හතළිහයි. මේක පුදුමාකාර ආණ්ඩුවක්. දැන දැන මිනිස්සු ජීවත් කරවන්නට එන්නත අවශ්‍යයි කියලා හෙලිකොප්ටර් ඇනවුම් කරනවා ,හමුදා ප්‍රවාහන වාහන ඇණවුම් කරනවා. අපි කියනවා රජයට මේ අපරාධය කරන්න එපා. මිනිස් සම්පත රැක ගන්නට ප්‍රමුඛතාව දෙන්න.

මිනිස්සු ජීවත් කරවන්නට අරමුදල් වෙන් කරන්න. මේ වගේ පහත් වැඩ කරලා ,මේ වගේ කුහක වැඩ කරලා මේ රටේ ජනතාව අනතුරට ලක් කරන්න එපා කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා හෙලිකොප්ටර් ගෙන්වන්නට ඒ කරපු ඇනවුම වහාම අත්හිටුවන්න. හමුදා ප්‍රවාහන වාහන ගෙන්වන්නට යොදපු මුදල් අත්හිටවලා ඒ මුදල් යොදවන්න මේ රටේ ජනතාවට එන්නත ලබා දෙන්න. මහා විශාල ජනවරමකින් බිහිවුණු ආණ්ඩුව 69 ලක්ෂයක් ජනාධිපතිවරණයේදී 68 ලක්ෂයක් මහ මැතිවරණයේදී. මෙච්චර මහජන වරමක් අරගෙන ඇයි තමන් කෙරෙහි විශ්වාසය තබපු ජනතාව අතර මං කරන්නේ. දැන් මේ ආණ්ඩුව අපේ රටට කොඩිවිනයක් වෙලා හමාරයි. ශාපයක් වෙලා හමාරයි. ආණ්ඩුව වගකියන්න ඕන මේ තමන් ගන්න සෑම පියවරකටම. නිකං බොරුවට රටේ ජනතාවට ඇඟිල්ල දික් කරලා හරියන්නෑ . අනුන්ට ඇඟිලි දික් කරන්න ඉස්සෙල්ලා ආණ්ඩුව තමන්ටම ඇඟිල්ල දික්කර ගන්නට ඕන.

ලැජ්ජ නැතුව හෙලිකොප්ටර් යානා සහ හමුදා ප්‍රවාහන වාහන ගෙන්වන්නට මේ රටේ සීමිත මුදල් සම්පත යෙදවීම ඉතාමත්ම නින්දා සහගත ක්‍රියාවක් හැටියට දකිනවා පමණක් නොවෙයි මම ඒ ක්‍රියාව තරයේ හෙළා දකිනවා.

එහෙනම් ආදරණීය මිත්‍රවරුනි අද මං හිතන්නේ පැයකටත් වැඩිය කාලයක් ඔබතුමන්ලා සමග ගත කළා. අද අපි මේ සාකච්ඡාව මීට වැඩිය පුළුල් විදිහට කරන්නට බලාපොරොත්තු වුණේ නමුත් අද රටේ තියන තත්වය තුළ අපි රැස්වීම් පවත්වන්නේ නැතුව ,සියලුම වත් පිළිවෙත් අනුගමනය කරමින් ,නිරෝධායන නීති රීති අනුගමනය කරමින් මේ කාර්යය බොහොම සරලව ක්‍රියාත්මක කරා. අනිවාර්යෙන්ම ජනතාවගේ ප්‍රශ්ණ වලටත් විසඳුම් අවශ්‍යයි. කෝවිඩ් තිබුණා කියලා ජනතා ප්‍රශ්න අමතක කරන්නට බැහැ. මේ ආණ්ඩුවත් හැම වෙලාවෙම කරන්නේ වැදගත් ප්‍රශ්න එනකොට මොනව හරි වෙන අතකට අවධානය යොමු කරවනවා. ප්‍රශ්නවලින් මග අරිනවා. නමුත් මේවා මගාරින්න ප්‍රශ්න නෙමෙයි මේවා ජනතා ප්‍රශ්න. ජනතාව ජීවත් කරවන්නට වහාම ඒ oxford astrazeneca මාත්‍රා සියල්ලක්ම ලබාදෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. තව සති කීපයක් ඇතුළත මම මේ බල ප්‍රදේශයට ඇවිල්ල ඒ කරනවා කියපු වැඩ කොටස් ක්‍රමක්‍රමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ වන විට කලාවැව මැතිවරණ කොට්ඨාසයේ රාජාංගනය බලප්‍රදේශයේ අපි ජංගම සේවා ගණනාවක් පැවැත්වූවා. මේ මොහොත වනවිට ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම සඳහා ප්‍රතිපාදන හොයල හමාරයි. ඉදිරි සති කිහිපය තුළ අපි පැමිණෙනවා වැඩ කොටස් දියත් කරන්න. මතක තබා ගන්න අපි මේ හැම දෙයක්ම කරන්නේ විවිධ පෞද්ගලික දානපතියන්ගේ පරිත්‍යාගශීලීන්ගේ ඒ සුළු ආධාර උපකාර අරගෙන. නමුත් අපි මේ කරන ක්‍රියාව ජනතාවගේ හිස මත පැටවෙන බර අඩු කරන ක්‍රියාවක්. ඒ නිසා මම විශේෂයෙන් කියන්න ඕනේ අපේ හැරිසන් මැතිතුමාට අද පැමිණෙන්න බැරි වුණා වැදගත් කටයුත්තකට යන්න තිබෙන නිසා, එතුමාත් මේ වැඩසටහනට ආශිර්වාදය සහයෝගය ලබා දුන්නා. අද මම ඇත්තටම විහාරස්ථානයට ඇවිල්ල නායක හාමුදුරුවෝ බැහැ දැකලා ගමේ ඉන්න කිහිප දෙනෙක් එක්ක කතා බහ කරලා යන්නයි ආවේ. බලාපොරොත්තු වුණේ පුළුල් වශයෙන් සියලු දෙනාම කැඳවලා විධිමත් ජංගම සේවාවක් පවත්වන්න. නමුත් වර්තමාන තත්ත්වය තුළ ඒක කරන්නට බැහැ. අපි පවත්වන ජංගම සේවා තුළින් ජනතාව අනතුරට ලක් කරන්නට බැහැ. ඒ නිසා තමයි අපි නිරෝධායන වත් වත්පිළිවෙත් උපදෙස් අනුගමනය කරමින් ,සියලුම ආරක්ෂක පියවරවල් අරගෙන මේ වැඩ කටයුතු කරන්නේ. කරුණාකරලා කොව්ඩ් මර්දනය කරන්නට රටේ ජනතාව හැටියට තමුන්නාන්සේලාත් විනයානුකූලව, විනීතව , ඒ දුරස්ථභාවය ,මුව ආවරණ ඒ ආරක්ෂක පියවර සියල්ලක්ම අරගෙන තමුන්නාන්සේලාගේ දෛනික වැඩකටයුතු සුපරීක්ෂාකාරීව කරන්න කියලා ඉල්ලීමක් කරමින් , මගේ ප්‍රාර්ථනාව ඉතාමත් ඉක්මනින් මේ රට කොරෝනා සාපයෙන් මිදේවා කියලයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික කෞතුකාගාරය සති දෙකකට වසයි…

Next Post

වායුසමීකරණය කළ තැන්වල වෛරස ව්‍යාප්තිය වැඩියි – වසංගත රෝග  ඒකකයේ ප්‍රධානී  

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.