ගම්පහ දිස්ත්‍රික්කය තුළ තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට කටයුතු කරගෙන යනව බව ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමුටවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පවසයි.
ඒ අනුව කටුනායක සහ මීරිගම ප්‍රදේශවල වසා දමා ඇති කර්මාන්ත ශාලා ගොඩනැගිලි දෙකක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබාගැනීමට නියමිත බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඒ සඳහ ආයෝජන මණ්ලයේ නිලධාරීන් සමග කතා කර එම කර්මාන්තශාලා මේ වනවිටත් ලබාගෙන ඇති බව ඔහු කියයි. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකෙහි ඇඳන් පන්දහසක් පමණ දැමිය හැකි බව ඔහු පවසයි.
ඊයේ පැවති රැස්වීමේ දී ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ද වසා දමා ඇති කර්මාන්තශාලාවක ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට තීරණය විය.