මොරටුව එගොඩඋයන කටුකරුන්ද අලුත් පාර ප්රදේශයේ දී කහ ඉරෙන් පාර මාරුවීමට ගොස් බරපතල අනතුරකට ලක් වී අද අළුයම මිය ගිය කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ලොරි රථයකට යටවීමෙන් ඇයගේ හිසට බරපතල හානි සිදු වී තිබිණි. වහාම පානදුර රෝහලට ඇතුළත් කළ කාන්තාව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට පෙර කරන ලද පී.සී.ආර්. පරීක්ෂාවක දී ඇයට කොවිඩ් ආසාද බව තහවුරු වූ බව එගොඩඋයන පොලිසිය පැවසීය.