ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව වර්ෂ 2021 අප්‍රේල් 12 දින ප.ව.5 සිට බලපැවැත්වෙන පරිදි එම ආයතනයේ ව්‍යාපාරික කටයුතු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අත්හිටුවා ඇත.
ආයතනයේ මූල්‍ය තත්වයන් අඛණ්ඩය පසුබෑමත්, එය නැවත යථා තත්වයට පත් කිරීමට කළ හැකි කිසිම සාධනීය ආයෝජනාවලියක් ඉදිරිපත් නොවීමත් හේතුකොටගෙන මහ බැංකු මුදල් මණ්ඩලය විසින් මීට පෙර, එනම් 2020 ජූලි 13 දා සිට ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස් පී.එල්.සී සහ එහි මවු සමාගමවන ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබීය.
එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම 2021 ජනවාරි 12වන දින දක්වා බලපැවැත්වින.