මාරක බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ මහා මාර්ගයට ඇද වැටී තිබූ කළුගල වහාම ඉවත් කිරීම සඳහා කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලියු.ආර්. ප්‍රේමසිරි මාධ්‍යයට පැවසුවේය.
අනතුර සිදු වූ පස්සර 13 කණුව ප්‍රදේශයට පෙරලි ඇත්තේ මීට මාස 06කට පමණ පෙර බව ඊයේ (20) ලංකාසර කළ විමසුමකදී ප්‍රදේශවාසීහු පැවසූහ. මේ ස්ථානයේ තනි මංතීරුව හා එක් පසෙකින් වූ දැවැන්ත ප්රපාතය නිසා අනතුරක් සිදුවිය හැකි බවට බොහෝ දෙනෙක් අනාවැකි පලකර තිබිනැයි ඔවුහු පැවසූහ. සිදුවූ මහා විනාශයෙන් පසුව හෝ මා පාරට වැටුණු දැවැන්ත කළු ගල් කුට්ටිය ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් යහපතක් බව ඔවුහු පෙන්වා දුන්හ.
බස්රථය ඉදිරියට එන වග දකිමින් ප්රතිවරුද්ධ පසින් පැමිණ බස්රථය පැමිණෙන මං තීරුවට ඇතුළු වූ ටිපර් රථ රියදුරා ඊයේ රාත්‍රිෙය් දී අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය කීවේය.