ශ්රියානි විජේසිංහ –
රාජ්ය බැංකු සතු කොටස්වලින් සියයට 20ක් පෞද්ගලික අංශයට විකිණීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයට විරුධව දිගින් දිගටම කටයුතු කරන බව ලංකා බැංකු සේවක සංගමය අනතුරු අඟවා සිටියි.
පසුගිය රජය විසින් ගනු ලැබූ මෙම තීරණය බැංකු සේවකයින්ගේ විරෝධය හමුවේ හකුලා ගැනීමට සිදු වූ බවත් එම රජයේ කැබිනට් තීන්දුව වත්මන් රජය ක්රියාත්මක කිරිමට කටයුතු කරමින් පවතින බවත් සංගමයේ ලේකම් රංජන් සේනානායක පවසා සිටියි.
මෙ වන විටත් කොටස් විකිණීමට අදාලව රාජ්ය බැංකුවල පනත් සංශෝධනය කිරිමට සුදානම් වන බවට තොරුතුරු ලැබී ඇති බව හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් මෙම රජය බලයට පත් වුයේ රාජ්ය ආයතන නොවිකුණන බව සඳහන් කරමින් බවත් අද සිදුකරනුයේ ඊට ප්රතිවිරුද්ධ ක්රියාවන් බවත් ලේකම්වරයා පවසා සිටියි.
කෙසේ නමුත් රාජ්ය බැංකු මේ වන විට මුහුණ පා තිබනෙ ගැලුවලට ලබන සැප්තැම්බර් මාසය වනවිට විසඳුමක් ලබා නොදුනහොත් ඔක්තෝම්බර් මාසයේ සිට දැඩිවෘත්තීය සමිති ක්රියාමාර්ගන් ගන්නා බවත් ඒ සඳහා මේ වන විට පෞද්ගලික බැංකු පවා සහයෝගය ලබා දීමට සිය එකඟතාව පළ කර ඇති බවත් ලේකම්වරයා පවසා සිටියි.







