සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

සුචරිතවාදී සමාජය නිරුවත් කරමින්  මීගමුව ස්පා එකක දී හමුවන 15 හැවිරිදි දියණිය…

by editor
මාර්තු 31, 2024
in විනිවිද
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන 
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

අතිශය සංවේදී ප්‍රවෘත්තියක් දුටිමි.  මීගමුව ප්‍රදේශයේ සම්බාහන ආයතන වැටලූ පොලීසිය විසින් එක් සම්බාහන ආයතනයකදී 15 හැවිරිදි දැරියක අත්අඩංගුවට ගෙන තිබුණි.

දැරියගෙන් කරුණු විමසන කල්හි හෙළිවූයේ හද දවන පුවතකි

මව්පියන් සමග අමනාප වූ දැරිය නිවසින් පිටවී කොහේ හෝ යන්නට මගට බැස්සාය. ඇය දුටු ඇගේ ඥාතියකු ඇයව රැකියාවකට යොමුකරන්නෙම් යැයි පවසා  ඉහත සම්බාන ආයතනයට ගෙනවිත් දී ඒ සඳහා රුපියල් 15000/- ක් ලබාගෙන තිබුණි.

ආයතනයට පැමිණි තුන්වන දිනයේදී සම්බාහනයකට මුදල් ගෙවා පුද්ගලයකු පැමිණියේය. කුඩා දැරිය දැක වික්ෂිප්ත වූ පුද්ගලයා ඇගෙන් කරුණු විමසූ කල්හි ඇය අඬා වැටෙමින් ඇය මුහුණ පා ඇති කරදරය පවසා ඇත.

ඉන් කම්පනයට පත්වූ ඔහු සේවාව නොගෙන තම විසිටිං කාඩ් පත සහ දුරකථන අංකය ඇයට දී අවශ්‍ය වුවහොත් උදව් ඉල්ලන ලෙස පවසා පිටව ගොස් තිබේ.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

පොලීසිය සම්බාහන ආයතන වැටලීම් කරද්දී මේ ආයතනයද වැටළුවේ මීගමුව ප්‍රදේශයෙන් ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමගය.‍ෙපොලීසියට රැගෙන ආ පසු දැරිය තොරතුරු පොලීසියට පැවසුවාය. පොලීසිය දැරියට අනුකම්පා කළ පුද්ගලයාද ගෙන්වා විස්තර ලබාගත්තේය.

” මට දරුවා දැකලා හරිම කම්පනයක් ඇති උනා. ඒ නිසා මං ඇයට මගෙ දුරකථන අංකය දුන්නා අවශ්‍ය ඕනම වෙලාවක කතා කරන්න කියලා” ඔහු පොලීසියට කීවේය.

දැරිය එතැනට පැමිණ වැඩි දවසක් නොවූ හෙයින් ඇයට අනතුරක් නොවී ඇතත් ඇය රෝහල්ගත කර ඇත. එහෙත් මුලින් මාධ්‍ය වාර්තා කළේ ඇයට එච්.අයි.වී ආසාදනයව ඇති බවය.

මට මේ සමාජයෙන් අසන්නට ඇත්තේ අප මේ තරම් පහත් තත්වයට වැටී ඇත්තේ මන්ද කියාය.

1) මව්පියන් සමග අමනාපයෙන් නිවසින් පිටව යන්නට හිතෙන සිත් රිදුනු දරුවන් ලෝකයා දකින්නේ ආදායම් මාර්ග හෝ ගොදුරු ලෙසද

2) දැරියගේ ඥාතියා ඇය විකුණා ලබාගත් මුදල් තමාගේ ගෙදර වියදමට ගත්තේද? දැරිය තම ඥාති වැඩිහිටියා පිළිබඳ තැබූ විශ්වාසයට ඔහු කුමක් කළේද?

3) සම්බාහන ශාලා පවත්වාගෙන වෙනත් සේවාවන්ද ලබා දෙන ආයතන ,අඩුම තරමේ දරුවන් එම ස්ථානවල සේවය සඳහා නොයදවන්නට තරම්වත් උකුණු හිසක ප්‍රමාණයේ සදාචාරයක් නැද්ද?

4) සම්බාහන ආයතනයට පැමිණි යම් හෘද සාක්ෂියක් තිබූ පුද්ගලයකු නිසා එදින දැරිය බේරුණි. නමුත්  ඔවැනි ස්ථානයන්ට යන සැවොම එවන් අය වූවා නම් එම ආයතන නොදැරියන් සේවයට ගන්නේ නැත

මව්පියනි, ගුරු උතුමනි, උතුමියනි

පාඩම් කියා නොදුන්නත් දරුවාට ජීවිතය කියා දෙන්න. ගෞරවය, අභිමානය කියා දෙන්න.

කාගේ හෝ වේවා දරුවකු අනතුරක නම් තමාගේ දරුවා සේ සලකා සද්භාවයෙන් ඔවුන් බේරා ගන්න.

මේ විනාශ වන්නේ රටේ අනාගතයයි. ඔබේ දරුවා, අනාගතයේ සමාජයට පිවිසෙන විට එය නරා වළක් හෝ සත්පියුමින් සුසැදි විළක් මෙන් සැකසීම අද ඔබ අතින් සිදුවෙයි.

දරුවන්ට දරුවන් වී ඉන්නට ඔබේ ශ්‍රමය වපුරන්න.

14 වියේ නොදැරියන් දූෂණය වූ කල්හි එම කාර්‍යයට ඇගේ කැමැත්ත දුන් බව පවසා චූදිතයා නිදහස් කිරීමට අධිකරණ ඇමති පණත් ඉදිරිපත් කරමින් සිටී.

එය සම්මත වුවහොත් අධිකරණයේදී පෙරෙකදෝරුවෝ අඩිහප්පා, ගිරිය පුප්පා දැරිය බියකර “මගේ කැමැත්තෙන් ඒක උනේ” කියා කියවාගෙන දූෂිතයන් නිදහස් කරගනු ඇත. ඉන්පසු උසාවියේදී අපට දැරියන්  කෙළසන සල්ලාලයින්ට මේ තරමින්  හෝ දඬුවම් ලබාදීමට  නොහැකි වනු ඇත.

දරුවෙකු ලිංගිකව පරිණත වී මාතෘත්වය දැරීමට අඩුම තරමේ වයස 20 ක් වත් වියයුතු බව මනෝ විශේෂඥයින්ගේ මතයයි.

මේ රටේ පාර්ලිමේන්තුවේ සිටින අශික්ෂිත මිනිස්සුන්ට විශේෂඥයින්ගෙන් එවන් අදහස් විමසීමට තරම් හැදියාවක් නැත.

ඒ නිසා ඔබේ දරුවන් සහ  අනිත් දරුවන් ඔබේම කියා සිතා සුරකින්න.

දැරිය දැක කම්පනයට පත්ව හැරී ගිය පුද්ගලයා නොහඳුනමි.  සමාජය පිළිබඳ යම් හෝ සතුටක් ඇතිවන්නේ දරුවන්ව දරුවන් ලෙස දකින මෙබඳු මිනිසුන්  අසන්නට ලැබෙන නිසාය

මගේ ගෞරවනීය ස්තූතිය ඔහුට පිරිනමමි.

හෘදය සාක්ෂියක්  ඇති මිනිස්සු,  අවකල් ක්‍රියා නොකරති.

අසීරු මොහොත පවා දමනය කරගැනීමේ දක්ෂ වෙති.

එවන් මිනිස්සු සමාජයේ වැඩිවේවා!!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලකුනු 531ක් … ඒත් ශතක නැති ඉනිම ලෝකවාර්තා පොතට ගිය හැටි!

Next Post

වටේට තෙල බෙදන එන්ද ගිනිගේ කාංචනගෙන් ගුටි නොකා බේරිලා තියෙන්නේ අනූ නවයෙන්!

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.