ලලිත් චාමින්ද –
ආහාර සුරක්ෂිතතාව සහ ජිවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ සමෘද්ධි පොරොත්තු ලේඛණයේ සිටින ප්‍රතිලාභින් සඳහා රුපියල් මිලියන 187ක මුදලක් අඩුවෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම ව්‍යාපෘතිය යටතේ සමෘද්ධි පොරොත්තු ලේඛණයේ ප්‍රතිලාභින් සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 5000ක මුදලක් ගෙවියයුතු විය.
එහෙත් 2022 වර්ෂයේ සැප්තැම්බර් හා ඔක්තෝබර් යන මාසවලදි එක පුද්ගලයකුට ගෙවා ඇත්තේ පිළිවෙළින් රුපියල් 4700ක් හා3000 බැගින් බව විගණන වාර්තාවේ සදහන් වේ.
ප්‍රතිලාභින් සඳහා එවැනි අඩුවෙන් ගෙවිම්වල එකතුව රුපියල් මිලියන 187ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අනුමත මුදල ගෙවිමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.