බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ටූ රූ රූ හබඃ – අහල බලමු !

by editor
ජනවාරි 17, 2024
in කලා
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

අපේ වකවානුවේ විශිෂ්ටම ගී පද රචකයෙක්වන  රජී වසන්ත වෙල්ගම සිය ගීත නිර්මාණකරණයේ රිද්මය නව මානයකට යොමු කර ඇති අයුරු අසමි.  ඒ රිද්මයේ  වඩාත් හෘදයාංගම මෙන්ම සාටෝප රහිත ස්වරූපය තදින් සිත් විනිවිදින අයුරු අත් විඳිමින් මේ සටන තබන්නේ සාමාන්‍ය රසිකයෙක් ලෙස පිබිදෙන බලාපොරොත්තු සහිතවය.

ජන කවියේ සාටෝපය තිබුණේ නැත. එහි අව්‍යාජ රිද්මය අපගේ ඇතුළාන්තයට කිමිද ගියේය. ජන ගී ආරක් වූ බයිලා කලාවේ ද ඒ රිද්මය තිබිණි. කපුගේ මිනිස්සුන්ගේ හදවත බැඳගත්තේ ඔහුගේ අව්‍යාජ අමු හඬ නිසාය.  සුනිල් පෙරේරා ගැයූ ගීතවල ඒ හිත් කා විදින නුමුසු හඬක් සහිත ගොරහැඩි යථාර්ථය වූ බව සිහි කළ යුතුය.

මෑතක දී ඒ රිද්මය විශේෂ අනන්‍යතාවයක් සහිතව පෙළ ගැස්වූ සහෘද අමු සිංදුකාර සංජිව් ලියෝන් ස්ඵර්ෂ කළ භූමිය බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණාවේශයන් පුබුදුවා ඇත.   ඔහු ක්ෂේත්‍රය තුළ වින්දනීය වෙනසක් ඇති කළ බව හිතන්නේ තමන්ගේ නිර්මාණ “ගී කෙත” අස්වදන්නට පහළ කළ සුභාවිත යැයි ස්වයං අර්ථකථනයක් දී ගීත නිර්මාණ ක්ෂේත්‍රයේ පොල්මංකාර අයිතිය තමන් සතුව ඇති බවටවූ කල්පිතයක ජීවත්වන අප්‍රබුද්ධ ගොබ්බයන් පිරිස් සංවිධානය වී ඔහුට එල්ල කළ පීඩනය දෙස දකින විටය. ගීත නිර්මාණකරණය සඳහා සඳුන් ගැට මිටින් ගෙන උපන් බව සිතා සිටි මේ පුංචි මිනිසුන්ගේ වියරුව බලා ඉන්න අපට නම් මහත් ආශ්වාදයක් ගෙනාවේය.

රජී ගේ අලුත් නිර්මාණය ගැන කතා කරන විට සංජිව් ලියෝන් ගැන කියන්නට හිතුනේ ඔහු විසින් ප්‍රභාමත් කළ ඉසව්වක ඉදිරි ගමනක හැඩයක්  ” ටූ රූ රූ හබඃ” නිර්මාණයෙන් දුටු නිසාය. රජී මෙන්ම අපේ ආදරණීය කවියෙක් වූ නන්දසිරි කිඹියහෙට්ටි ද මේ මානය සිය නිර්මාණයකින් ස්ඵර්ශ කරනු දුටුවෙමි.

අප ඉන්නේ බිඳ වැටී දුහුවිලි වන්නට ගිය මහා මරණීය අඳුරක් ඉදිරියේ ය. මිනිය ගෙයි මැද සාලයේ තබා ඇත. තවදුරටත් කලා කරුවන්ට හෝ සාහිත්‍යකරුවන්ට ඒ මිනිය මේකප් කිරමින් සිටීමට අවකාශ නැත. සංගීතයේ මෙන්ම කලාවේ රිද්මය ද මේ පවතින ගොරහැඩි යථාර්ථයේ කොටසක් වී ජන විඤ්ඤාණය පිබිදවීමේ දිශානතියකට ගමන් කළ යුතුය. ඒ සඳහා නිර්මාණකරුවන්ට නිශ්චිත වගකීමක් තිබේ.  අඳුරු වකවානු තුළ ලෝකයේ සිද්ධ වී ඇත්තේත් එයය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අපට ඉන්න සංවේදීම අව්‍යාජ මනුස්සයෙක්, විශිෂ්ඨම ගීත රචකයෙක්, පමණක් නොව ආදරණීය සහෘදයෙක් සිය ප්‍රභූ භූමිකාව අමතක කර පරිවර්තනීය සමාජ වෙනස් වෙනුවෙන් නව මානයක් ස්ඵර්ශ කිරීමට සිදුකරන නිර්මාණ ධ්වනිය රසිකයන් ලෙස අප තුළ නම් මහා බලාපොරොත්තු උපදවන්නේය.  සංගීතය නිර්මාණය  කර ගීතය ගායනා කරන ඩිලාන් වික්‍රමසිංහ විශිෂ්ට සාධාරණයක් පද පෙළට කරන්නේය. ඒ එකමුතුව මනරම්ය.

මේ ගීතය අසන්නට ඔබට ආරාධනා කරන්නේ එබැවිනි.

පද පෙළ…

ටූ රූ රූ හබඃ 

ඉතිහාසේ  පොත නිකමට මගේ අතින් පෙරළුනා
යුරෝපයේ අඳුරු යුගය කියලා තැනක් හමු වුනා
ලියපු අයට වැරදිලා ද මගේ ඔළුව පැටලුනා
නම් ගම් හැර සේරම ටික ලංකාවට සෙට් වුනා

සීතාම්බරේ ඇඳගෙන රජ්ජුරුවෝ  රඟනවා
ඇත්ත කියපු උන් සේරම රිමාන්ඩ් එකේ තපිනවා
පිරිත් නූල බැන්ද ගමන් රජු ගේ හෙළුව වැහෙනවා
යටත් වැසියො එකතුවෙලා සාදුකාර කියනවා

සියල්ල දත් පොරක් ඇවිත් පත්තර කුණු අදිනවා
පාන්දරම ගේ පුරාම ඒ කුණු ගඳ හමනවා
ඉව පාරේ ටොමිය  ඇවත් ටී.වී එකට එබෙනවා
මහත්තයෝ බුරන්නෙපා කියලා ඌත් බුරණවා

සල්ලි බෙදා ගන්න බැරිව කපුවො එක්ක ගහගෙන
දෙයියො හොස්පිටල්  ඇඩ්මිට් බේත් නැතිව නෑ ගුණ
ආච්චි අම්මා ඉන්නව ටී.වී එකට වැඳගෙන
ජොන් ලොගී බෙයාඩ් අනේ ඔළුවේ අත ගහගෙන

යක්ඛ පුත්තු සූර් වෙලා කාර් රේස් පදිනවා
හේවායෝ දෙකට නැමිල සැලියුට් එක ගහනවා
පාතාලේ සෙට් බැහැලා දිවියලෝකෙ හදනවා
මෙහෙව් රටක උපන්න සැප උඹයි මායි විඳිනවා…

පද රචනය – රජී වසන්ත වෙල්ගම –
තනුව සහ සංගීතය -ඩිලාන් වික්‍රමසිංහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

DAT දීමනාව ගැන ඔබ කලබල වෙන්න එපා… විශේෂඥ වෛද්‍යවරු අනෙක් සෞඛ්‍ය ශ්‍රේණිවලට දන්වති!

Next Post

සමෘද්ධි ලාභීන්ගේ රුපියල් 5000ත් වංචා කරලා… වංචාකළ මුදල මිලියන 187ක් බව විගණනය කියයි!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.