ඩැට් දීමනාව ඉහළ නැන්වීම රාජ්‍ය නිලධාරීන්ගේ විධායක ශ්‍රේණි තුළ පැවති ප්‍රවාහන ආශ්‍රිත දීමනාවල විෂමතාවක් අර්ධ වශයෙන් නිවැරදි කිරීමක් මිස වැටුප් ව්‍යුහය වෙනස් වීමක් නොවන බැවින් විවිධ ශ්‍රේණිවල සිටින අනෙකුත් සෞඛ්‍ය අංශයේ සේවකයින් කලබල නොවිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මෙම දීමනාව වැඩි වුන ආකාරය සම්බන්ධව පැහැදිලි දීර්ඝ විස්තරයක් සහිත එම නිවේදනයේ දැක්වෙන්නේ වසර ගණනාවක් තිස්සේ මෙම විෂමතාවය පැවතිය ද රෝගීන් අපහසුතාවයට පත් කරන වෘත්තීය ක්‍රියාමාර්ගය වෛද්‍යවරුන් නොයෙදුන බවය.
දීර්ඝ සාකච්ඡා ක්‍රියාමාර්ගයකින් පසු මෙම විෂමතාව යම් පමණකට ඉවත් කරගැනීමට හැකි වූ බව කියන විශේෂඥ වෛද්‍යවරු වෛද්‍ය නොවන විධායක ශ්‍රේණි සඳහා ඉහළ ප්‍රවාහන දීමනා ගෙවා අර්ධ වශයෙන් බදු අයකරන විට මෙවැනි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග නොගෙන වෛද්‍ය විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ විෂමතා නිවැරදි කරන විට දැවැන්ත වෘත්තීය සමිත ක්‍රියාමාර්ගවල නිරතවීම පුදුමයට කරුණක් බව පවසයි.
එම නිවේදනය පහත දැක්වේ.