විශාල රාජ්‍ය ආදායමක් උපයා දෙන ලිට්‍රෝ ගෑස් සමාගම විකිණීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ඒ සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීමට අභිලාෂ කැඳවීම සිදුකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී. – දෙරණ