සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොෂන් රණසිංහ හෙට සුබ මොහොතින් අලුත් සන්ධානයක් හදයි…  සන්ධානයේ නම රට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය”

by editor
ජනවාරි 17, 2024
in පුවත්
Roshan-Ranasinghe
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

රට “ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය” හෙට (18) සවස 1.08 යෙදෙන සුබ මොහොතින්  පොළොන්නරුව බුද්ධිමණ්ඩපයේදී   ආරම්භ කරන බවත්, දූෂණයට විරුද්ධව ක්‍රියාකරන හා නැගී සිටීමට අපේක්ෂා කරන සියලුම අයට, මෙන්ම දේශපාලකයින්ට, නායකයින්ට ඒ සඳහා ආරාධනා කරන බවත් හිටපු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ  සඳහන් කළේය.

හොරු අල්ලලා ඇමතිකමෙන් අස්කළාට, රටේ ජනතාව වෙනුවෙන් තමාගේ කාර්ය උපරිම අයුරින් ඉටුකරන බවත්, ඒ සඳහා තමන්ට සැලැස්ම, දැක්ම, මෙන්ම විශ්වාසය තිබෙන බවත්, ඔහු කීවේය.

රට ගොඩනගන නායකයින් කතාකරන විස්සයි හතලිස් අටේ සැලසුම් හදනකොට මේ රටේ මිනිසුන් මැරී අවසන් බව කී මන්ත්‍රීවරයා නොවෙන කතා නොව අවශ්‍යතාවය විය යුත්තේ මේ රටේ දුක් විඳින ජනතාව ඉක්මනින්ම ගලවා ගැනීම බවද පැවසුවේය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයන් වහන්සේගේ වැඩ නිම කිරීමට   තම මන්ත්‍රී වැටුප ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ට පූජා කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ඉදිරි දේශපාලන ගමන පිළිබඳව පැහැදිලි කරමින්        රොෂාන් රණසිංහ  ඒ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ   මෙසේද කීය..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

” රටේ හැම දිස්ත්‍රික්කයකින්ම කතා කරලා මගෙන් ඉල්ලීමක් කළා  රට වෙනුවෙන් දේශපාලනය කරන්න    ඉස්සරහට එන්න කියලා,  හොරු අල්ලලා  ඇමතිකමෙන් අස්කළාට රට වෙනුවෙන් මගේ කාර්යය මම උපරිම වශයෙන් කරනවා,

ඔව් අපිට පුළුවන් මේ රට ගොඩනගන්න, ඔය විස්සයි හතළිස් අට වෙද්දි ඔක්කොමලා මැරිලනේ, නොවෙන කතා නොකියා  මේ මිනිස්සු විඳින දුකෙන් ගලවාගන්නයි ඉක්මනින්ම වෙන්න ඕනි, ප්‍රධාන වශයෙන් අපේ රටට ඕනේ මේ රට හදනවා කියන චේතනාව තියෙන නායකයෙක්, ඒ කියන්නේ හෘද සාක්ෂියට අනුව ඔව් මගේ රට හදනවා කියන චේතනාව තියෙන්න ඕන, නායකයා කෙළින් යනවා නම් ඔය කවුරුත් දූෂණවලට කටයුතු කරන්නේ නෑ. මම  ක්‍රීඩා අමාත්‍යංශය කරද්දී දූෂණයට සම්බන්ධ දෙතුන් දෙනෙක් අයින් කරලා කරා. දූෂණ වංචා කිසිවක් නොමැතිව ක්‍රීඩා අමාත්‍යාංශයට කැලලක් නොවෙන ආකාරයෙන් මම වැඩ කළා. එහෙම කරද්දි තමයි  නායකයෝ මාව ඉවත් කලේ.

මේ රටේ ජනතාවට නායකයෝ ගැන විශ්වාසයක් නෑ. ලෝකයේ ආයෝජකයන්ටත් එහෙමයි අපේ රටේ නායකයෝ ගැන විශ්වාසයක් නෑ. ලෝකයේ ආයෝජකයෝ අනූ දෙනෙක් ඩොලර් බිලියනය ගානෙ දුන්නොත් අපේ රටේ ණය ඉවරයි. ඉතින් ඒකට සැලැස්මක් ඇතුව යන්න ඕනේ,   මේ රටේ රාජ්‍යය නායකයා ඒ අය ගාවට යන්න ඕන.

අද මේ රටේ නායකයො දේශපාලනික වශයෙන් බයයි, ආර්ථික හා  සමාජ බිය තියෙනවා, සංස්කෘතිය අතින් අපි හැමෝම බය වෙලා ඉන්නෙ.

මේ රට නිරාගමික රාජ්‍යයක් වෙන්න ඉඩ තියන්න බෑ. සම්බුද්ධ ශාසනය පෝෂණය කරලා, අනෙකුත් ආගම් අතර සංහිඳියාව ඇතිවන පරිදි වැඩකටයුතු කරන්න ඕන. එනිසා අපි එළඹෙන 18 වෙනිදා 1.18 ට අපි හදන්නේ දුෂණ විරෝධී රට ගොඩනඟන සන්ධානයයි. ඒ සඳහා හැමෝම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා”   රොෂාන් රණසිංහ  වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානසික රෝගියා ගැන නොව ඔහුව නැටවූ ගුඩ්ඩන් ගැන හොයන්න…

Next Post

රජය ලිට්‍රෝ ගෑස් විකිණීමට තීරණය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.