ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

by editor
ජූනි 4, 2026
in පුවත්
boossa
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවෙකු බලපිටිය අධිකරණයේ පැවති නඩුවකට රැගෙන ගොස් ආපසු රැගෙන ආ අවස්ථාවේදී, ඔහුගේ ගුද මාර්ගයේ සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් මත්ද්‍රව්‍ය ගුලියක් ඊයේ (03) පස්වරුවේ දී  සොයාගෙන තිබේ.

පෙරේදා (02) මෙම සිරකරු  බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  නැවත  බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත   රැගෙන ආ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හදිසි උපක්‍රමික බලකායේ නිලධාරීන් සහ බූස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ දැඩි පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී මතු වූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් සිරකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර, පසුව ඔහුව එදිනම  ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලේදී සිදුකළ ස්කෑන් පරීක්ෂණයකදී මෙම උපකරණ සහ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මෙම සිරකරුවා ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකු, සැරයන්වරයකු සහ නියාමකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමකගේ ආරක්ෂාව යටතේ බලපිටිය අධිකරණය වෙත රැගෙන ගොස් තිබේ. සිරකරු බලපිටිය අධිකරණයේ සිරමැදිරිය තුළ රැඳී සිටි කාලය තුළදී මෙම ස්මාර්ට් ජංගම දුරකථනය, හැන්ඩ්ස් ෆ්‍රී එක සහ අයිස් මත්කුඩු ගුලිය තම ගුද මාර්ගයට ඇතුළු කරගෙන ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සිරකරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා විසින් ඔහුව රැගෙන ගිය ගාල්ල බන්ධනාගාර නිලධාරීන්ට කල්තියා දැනුම් දී තිබූ බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම සිරකරුවා බලපිටිය අධිකරණයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත නැවත රැගෙන විත් ඇත්තේ ඔහුව රැගෙන ගිය මුල් ජේලර්වරයා නොව වෙනත් ජේලර්වරයකු විසින් බව ද වාර්තා වේ. ඉන්පසුව සිරකරුවා බූස්ස බන්ධනාගාරයේ සිට කරාපිටිය ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ගාල්ල බන්ධනාගාරයේ වෙනත් ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමකගේ ආරක්ෂාව යටතේය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මෙම සිදුවීමට අදාළව, සිරකරුවා රැගෙන ගිය ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නියමිතය. ගුද මාර්ගයේ තිබී සොයාගත් ස්මාර්ට් ජංගම දුරකථනය, හැන්ඩ්ස් ෆ්‍රී එක සහ අයිස් මත්කුඩු ගුලිය ඉදිරි විමර්ශන සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දී ඇත.

රෝහල්ගත කර සිටි විශේෂ ගණයේ සිරකරුවා ප්‍රතිකාර හා පරීක්ෂණ නිම වීමෙන් පසු කරාපිටිය ජාතික රෝහලෙන් මුදා හැර ඇති අතර, ඔහුව නැවත බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Next Post

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.