සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

by editor
ජූනි 4, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දැන් ශ්‍රී ලංකා කණ්ඩායම    තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙනය.  මේ ජාතියක් ලෙස ලාංකිකයන්  ජයග්‍රහණ සම්බන්ධව පිපාසයකින් පෙළෙන වකවානුවක ලද විශිෂ්ට ජයග්‍රහණයකි. එහි ගෞරවය ඒ අයුරින්මය. ඕනෑම ජාත්‍යාන්තර කණ්ඩායමක් ඔවුන්ගේ රටේ ඔවුන්ගේ ක්‍රීඩාංගනවල ඔවුන්ගේ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පරාජය කිරීම සරල දෙයක් නොවේ.  ඒ අර්ථයෙන් ද මේ ජයග්‍රහණය විශිෂ්ටය. එහෙත්  ඒ උත්කර්ෂය අප සැමරිය යුතු වන්නේ මේ ජයග්‍රහණය ලබන්නේ අයි.සී.සී ශ්‍රේණිගතකිරීම්වල අපට වඩා අංක 04ක් පහළින් සිටින කණ්ඩායමකට එදිරිව බව සිහි තබාගෙනය.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ක්‍රීඩා ලෝලීන් ලෙස සවිඥානික විය යුතු බවට වූ යෝජනාවත් අප තුළ තිබේ. මක්නිසාද යත් අපට හැමදාම අප ගැන නියම තක්සේරුවක් ලැබෙන්නේ ලෝක කුසලානය වැනි විවෘත තරගාවලියක දී බැවිනි. ඒ අවස්ථාවල උස්සා පොලොවේ ගසනවිට ඇතිවන වේදනාව සමහන් කරගැනීමට මේ යථාවබෝධය කාට නොතිබුණ ද ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට තිබීම වැදගත්ය.

පරිවර්තනයේ ඵලදායීතාවය

මේ තරගාවලිය ඓතිහාසිකය.  එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පුනරුත්ථාපනය කිරීමේ ආරම්භක පියවරකින් පසු  එළඹෙන්නකි.  ඒ අර්ථයෙන් මේ ජයග්‍රහණය ජාතියක් ලෙස අපට අතිශය තීරණාත්මකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම්  සිදුවුනේ ය.  රටටත් ක්‍රිකට් එපා කළ  ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය. ක්‍රිකට් පරිවර්තන කමිටුවකට වගකීම් පැවරිනි. රට ගෞරව කළ දේශපාලකයෙක් මෙන්ම රටේ සිටින විශිෂ්ඨ පරිපාලකයෙක් මෙන්ම කළමනාකරුවෙක් වූ ඉරාන් වික්‍රමරත්නගේ නායකත්වයෙන්, ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්තුරු ලෙස හඳුනාගත් සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම ඇතුළු කණ්ඩායමක් එම පරිවර්තන ක්‍රියාවලියේ වගකීමට උර දී සිටියහ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

විශ්වාස කළ හැකි නව තේරුම් කමිටුවක් කපිල විජේගුණවර්ධනගේ නායකත්වයෙන් පත් විය.  නායකත්වය වෙනස් විනි. කණ්ඩායම අලුත් විනි.     මෙම දැවැන්ත ව්‍යුහාත්මක වෙනස්කම්  සිදුවන්නේ නව පුහුණුකරු ලෙස   ගැරී කර්ස්ටන් (Gary Kirsten)  ට කණ්ඩායමේ වගකීම පවරමිනි.

පරිපාලනමය වෙනස්කම් සහ නව සැලසුම් සමඟින් පිටියට පිවිසි මෙම නව ශ්‍රී ලංකා කණ්ඩායම,   ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 41ක විශිෂ්ට සහ ඉතිහාසගත  ජයක් වාර්තා කිරීමට සමත් විය.  ජයග්‍රහණයේ සුබ ලකුණ ඇත්තේ  මේ සමස්ථ කතාව තුළය.

ශ්‍රි ලංකා ඉනිම

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 303ක   ලකුණු සංඛ්‍යාවක් ගොඩනැගීමට සමත් විය.

ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 49.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 262ක් පමණි.

පැතුම්..

ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ පැතුම් සහ කුසල් –  වාසනාව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තේය. තරගයේ තීරණය පළවෙනි පන්දුවෙන්ම ප්‍රකාශ වූ අයුරු දුටුවෙමු.    තරගයේ  මුල්ම පන්දුවට  පැතුම් නිශ්ශංක විසින්  කේසි කර්ටි වෙත   ලබා දුන් උඩපන්දුව ඔහු අතහැරියේය. කඩුල්ලට එපිටින් පිටතට දෝලනය වෙමින් ඉහළට නැගුන පන්දුවට ඉහළට පැන පහරක් එල්ල කිරීමට පැතුම් ගත් උත්සාහය පහසු උඩපන්දුවක් ලෙස කර්ටි අතට පත් වුව ද ඔහු එය අතහැරීමේ  අවසාන ප්‍රතිඵලය වූයේ  ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 304ක් තෙක් ගමන් කළ හැකි විශිෂ්ට පදනමක් පැතුම්ගේ දායකත්වයෙන් ගොඩනැගීමය.

පැතුම් බේරුන පසු  ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් ලකුණු 12කට දැවී ගියේය. එහෙත්   පැතුම් වාසනාවට ලැබුණු “දෙවැනි ඉනිම” අනතුරුව  ඉතා ඉවසිලිවන්තව  ඉදිරියට ගෙන ගියේය. ඔහු  පන්දු 103කදී ලකුණු 79ක් රැස් කළේය.

නායක කුසල් මෙන්ඩිස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 62කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය. ඔහු පැතුම් නිස්සංක අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 136කි. අප බලාගෙන සිටියේ කුසල් ශතකයක් තෙක් යන තුරුය. ඔහු නිරපරදයේ දැවී යන්නේ දැවී යා යුතු පන්දුවකට නොවේ.

අනතුරුව පැතුම් ශතකය වෙත ලඟා වන ආකාරය දුටුවෙමු. ඔහු නම් දැවී යන්නේ පුදුමාකාර අවසානාවන්ත විදිහටය. රොස්ටන් චේස්ගේ පන්වක් පාදයේ වැදී යෑමට පිත්ත ඔසවා ඉඩ හල විට පාදයේ වැදුන පන්දුව අනතුරුව පිත්තේ දැවටෙද්දී කඩුළු රකින ක්‍රීඩක ශායි හෝප් විසින් විශිෂ්ඨ උඩපන්දුවක් ලෙස පරිවර්තනය කරගන්නේය.

ඔවුන්ගේ නික්ම යෑමෙන් පසු  ඉනිමේ මැදපෙළ සවිමත් කරමින් චරිත් අසලංක පන්දු 44කදී ලකුණු 45ක් රැස් කළේය. චරිත්ගෙන් සෑහෙන කලකට පසු අලංකාර පිතිකරණයක් රූපණය විය.  ජනිත් ලියනගේ සැබෑම තරග නිමා කරන්නෙක් බව පෙන්නුවේය. ඔහු  පන්දු 29කදී නොදැවී ලකුණු 44ක් ලබා ගත් ආකාරය ආසාවෙන් බලාගෙන සිටියෙමු.   ඔහුගේ ප්‍රහාරාත්මක අවසානය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාව ඉක්මවන්නේ නැත.  අතිරේක ලකුණු ලෙස ලකුණු 20ක් ශ්‍රී ලංකා ඉනිමට එකතු විය.

පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේඩන් සීල්ස්, මැතිව් ෆෝඩ් සහ රොස්ටන් චේස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

කොදෙව් ඉනිම –

දුෂ්මන්තගේ පන්දු යැවීම හමුවේ කොදෙව්වෝ  පසුබසිති – පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පළමු පන්දු වාර කිහිපයේදී වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පවර් ප්ලේ පන්දු වාර තුළ ලකුණු 50 සීමාව පසු කළද, නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම හේතුවෙන් ඔවුන්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවිය. කොදෙව් ඉනිම වෙනුවෙන් නායක ශායි හෝප් ලකුණු 56ක්ද, ජස්ටින් ග්‍රීව්ස් ලකුණු 45ක්ද, රොස්ටන් චේස් ලකුණු 33ක්ද රැස් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 41කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඔහුගේ කඩුලු අතරට ශායි හෝප් සහ රොස්ටන් චේස්ගේ වටිනා කඩුලු ද ඇතුළත් විය. මහීෂ් තීක්ෂණ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 2ක් බිඳ හෙලූ අතර වනිඳු හසරංග එක් කඩුල්ලක් දවා ගත්තේය.

දුෂ්මන්ත.. අමතක නොවන පන්දු යැවිමක..

2013න් පසු ලැබූ ඓතිහාසික ජයක්

මෙය 2013 වසරෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු එක්දින තරග ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වේ. තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ වේගවත් ලකුණු 72ක් රැස්කළ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ය. 2027 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සඳහා ද මෙම තරගාවලිය ඉතා වැදගත් වන අතර, දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය ජූනි මස 6 වනදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Next Post

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Related Posts

ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.