ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

by editor
ජූනි 3, 2026
in පුවත්
suresh-sale
Share on FacebookShare on Twitter

රැඳවුම් භාරයේ සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි පශ්චාත් කම්පන මානසික ආතතිය, චිත්ත ආතතිය සහ විශාදයෙන් පෙළෙන බවත් ඔහු සිය දිවි නසා ගැනීමේ අවදානමක පසුවන බවතද්  ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අද (03)  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ සුරේෂ් සලෙයි වෙනුවෙන් ඉදිරිපත් කළ මොසමක් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද කැඳවූ අවස්ථාවේ දී ය.

සිය සේවාදායකයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂා කර ඇති බවත් ඉහත රෝග තත්ත්ව එම වෛද්‍යවරයා විසින් නිශ්චය කර ඇති බවත් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේය.

ඔහු පැවසුවේ ස්ථාන පහක සිය සේවාදායකයා වද හිංසාවට භාජනය වී ඇති බවට වෛද්‍ය වර්තාව තුළ දක්වා ඇති බවත් එහි ප්‍රතිඵළයක් ලෙස ඔහු දැඩි මානසික පීඩනයකට ගොදුරු වී ඇති බවය.

සුරේෂ් සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමකට මුහුණ දී ඇති බව වෛද්‍ය වාර්තාව දක්වා ඇති බව ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියේයය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ඔහු කියා සිටියේ සිය සේවාදායකයා ගේ වත්මන් තත්ත්වය පිළිබඳ සුදුසු නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.

පැමිණිලිකාර පාර්ශවයේ කරුණු විමසීමකින් තොරව තමන්ට නියෝගයක් ලබා දිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව මෝසම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතීසි නිකුත් කරමින් නඩුව හෙට පස්වරු දෙකට යළි කැඳවීමට දින නියම කළේය.

සලෙයි ප්‍රධාන සැලසුම්කරු – සීඅයිඩීය අධිකරණයට කියයි!

සුරේෂ් සලෙයි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඔහුගේ මානසික ආතතිය ගැන කරුණු අධිකරණයට  ඉදිරිපත් කරන්නේ මෙම නඩුවේ තීරණාත්මක සන්ධිස්ථානයක් සලකුණු කරමින්  2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සල්ලේගේ සැලසුම්ගත සම්බන්ධීකරණය සහ මෙහෙයවීම මත සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ( අද 03)  දැනුම් දී ඇති අතර ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉහළ පෙළේ විමර්ශනයේ නවතම සොයාගැනීම් ඇතුළත් සවිස්තරාත්මක ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මෙම කරුණු අනාවරණය කෙරිණි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හුදකලා සිදුවීම් සමුදායක් නොවන බවත්, එය ක්‍රමවත්ව සැලසුම් කරන ලද සහ සම්බන්ධීකරණය කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් බවත් අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙම බෝම්බ ප්‍රහාර මාලාව මහා පරිමාණ සහ සංවිධානාත්මක කුමන්ත්‍රණයක කොටසක් ලෙස හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කළේය.

CID වාර්තාවට අනුව, මේ දක්වා රැස්කර ඇති සාක්ෂි මත පදනම්ව, ගෝඨාභය රාජපක්ෂ සහ අදාළ යුද හමුදා නිලධාරීන් දෙදෙනාට මෙම ප්‍රහාර මාලාව සහ ඉන් අනතුරුව සිදුවූ වර්ධනයන් සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් හෝ පූර්ව දැනුමක් තිබූ බවට සාධාරණ සැකයක් පවතින බව විමර්ශකයෝ අධිකරණයට ප්‍රකාශ කළහ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, සැකකරුවන් එළඹෙන ජූනි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විමර්ශන කටයුතු වඩාත් පුළුල් හා සවිස්තරාත්මක අදියරක් දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, සැකකරුවන් රටින් පලා යාමට උත්සාහ කිරීමේ බරපතල අවදානමක් පවතින බැවින් වහාම වැළැක්වීමේ පියවරක් ගැනීම අත්‍යවශ්‍ය බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය.

මෙම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් පසන් අමරසේන, ගෝඨාභය රාජපක්ෂ, සහ තවත් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් වූ  ශ්‍රී ලංකා යුද හමුදා කර්නල් රිසාන් තිරෝෂන් අන්සාරි සහ හිටපු බුද්ධි නිලධාරී ප්‍රේම් ආනන්ද උදලාගම යන අයට විදේශ ගමන් තහනම් පැනවීමට අනුමැතිය ලබා දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Next Post

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.