බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

by editor
මැයි 29, 2026
in ක්‍රීඩා
sooryawanshi

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

මේ පොඩි එකා විශ්මයකි. එහෙත් ඔහු අරුමයක් නොවේ.  මෙවැනි ආශ්චර්යයන් ලෝකයේ පහළ වන්නේය. ඉන්දියාව යනු එවැනි ආශ්චර්යයන් ඉපදවීම සම්බන්ධව ඉතිහාසයක් ඇති සුවිශේෂී භූමියකි.  එය ක්‍රීඩාවට වඩා බොහෝ ගැඹුරට දිවෙන මානව සංහතියේ  ගැඹුරු අර්ථයන් නින්නාදවන පෙළහරක් බව කිව යුතුය.

වයිභාව් සූර්යවංශී (Vaibhav Sooryavanshi) මේ නැමැති 15 හැවිරිදි දරුවා ගැන ලෝකය කතා කරන්නේ ඔහුගේ වයසට දෙගුණයකටත් වඩා වයස්ගත ලෝකයේ දිලෙන තරු ලෙස වර්ණනය කර තරු අරඹරක ප්‍රභාව හකුලා දැමූ විශ්මයක් සේය.  ක්‍රිකට් පිටිය සූර්යවංශීගේ ප්‍රභාවෙන්  ආලෝලනය  වී  ඇත. මේ මොහොතවනවිට අයිපීඑල් පිටියේ දිලෙන විශ්මය මේ දරුවා පමණය.  ඊයේ පැවති සන්රයිස් හය්ද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේ දී ලෝක ප්‍රකට පැට් කමින්ස් ඇතුළු දැවැන්ත පන්දු යවන්නන්  කුඩු පට්ටම් කරමින් සූර්යවංශී පන්දු 29ක දී ලකුණු 97ක් රැස් කළ ආකාරය අපි තිගැස්සී බලාගෙන සිටියෙමු.

මේ පොඩි එකා කවුද?

වයිභාව් සූර්යවංශී උපත ලැබුවේ 2011 මාර්තු 27 වනදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ, සමස්තිපූර් දිස්ත්‍රික්කයට අයත් තජ්පූර් නමැති කුඩා ගම්මානයකය. ඔහු පැවත එන්නේ ඉතා සරල ගොවි පවුලකිනි. ඔහුගේ පියා වන සංජීව් සූර්යවංශී ද තරුණ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනයකින් පසු වූවෙකි. ඒ තරුණ තාත්තා තමන්ගේ සිහිනය පුතා තුළින් දුටුවේය. වයස අවුරුදු හතරක් තරම් ඉතා කුඩා කාලයේදීම වයිභාව් තුළ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි තිබූ දැඩි ලැදියාව සහ ආදරය තාත්තා හඳුනා ගන්නේ ඒ නිසාය.  ඔහුට ඒ ඉව තිබුණේය.

නමුත් ඔවුන්ගේ ජීවිතය කිසිසේත්ම පහසු එකක් නොවීය. පවුලේ සාමාජිකයෝ  ජීවත් වීම සඳහා තමන්ගේ ගොවිපොළේ දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළහ.  එය වෙනම කතාවකි. එහෙත්   තමන්  දුටු  ක්‍රිකට් සිහිනය තම දරුවා විසින්  සැබෑ කරනු දැකීමේ අභිලාෂය ආර්ථික දුෂ්කරතා ඉදිරියේ වළලා  දැමීමට ඒ තාත්තා සූදානම් වූයේ නැත.

වයිභාව් ක්‍රිකට් පුහුණුවට යැවීමට මුදල් නොමැති අවස්ථාවක ඔහුගේ  ගේ තාත්තා  තමන් සතු ඉඩම් කොටසක් විකුණා දැම්මේය. ඒ මුදලින් වයිභාව්ව   පුහුණුවීම් සඳහා යොමු කිරීමට කටයුතු කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

වයිභාව් සහ ඔහුගේ පියා පුහුණුවීම් කටයුතු වෙනුවෙන් බිහාරයේ පට්නා නුවර පිහිටි මනීෂ් ඕජාගේ ‘GenNext’ ක්‍රිකට් ඇකඩමිය වෙත යාම සඳහා නිතරම කිලෝමීටර් 100කට ආසන්න දුරක් ගමන් කළහ. ඔහුගේ මව වන ආරතී, දිනපතා අලුයම 4.00ට අවදි වී වයිභාව්ගේ ආහාර පාන සකස් කරමින් ඔහුගේ සියලු අවශ්‍යතා සොයා බැලුවාය. එමෙන්ම ඔහුගේ සහෝදරයන්ගෙන් ද මේ ගමන සඳහා ලැබුණු සහයෝගය අතිමහත්ය.

වයිභාව් ඉතා කුඩා අවධියේදීම තමන් සතු අසිරිමත් දක්ෂතාවය ප්‍රදර්ශනය කළේය.  තමන් ඉගෙනුම ලැබූ පාසල් කණ්ඩායම් වෙනුවෙන් සහ බිහාර් වයස් කාණ්ඩ ක්‍රිකට් පිටියේ දැවැන්ත ලකුණු දඩයමක ඔහු  නිරත වී සිටියේය. විශේෂයෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සංවිධානය කරන ලද වයස අවුරුදු 19න් පහළ ‘කූච් බෙහාර් කුසලාන’ (Cooch Behar Trophy) තරගාවලියේදී බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් ජාතික මට්ටමින් අවධානය දිනා ගැනීමට ඔහු සමත් විය. එහිදී ප්‍රබල ජම්මු-කාශ්මීර කණ්ඩායමට එරෙහිව පන්දු 151කදී හතරේ පහරවල් 22ක් සමඟින් ලකුණු 151ක් ද, මල්ටිප්ලෙයර් (Multi-day) තරගවලදී තවත් වේගවත් ශතක සහ අර්ධ ශතක රැසක් ද ලබා ගනිමින් ඔහු ප්‍රදර්ශනය කළ පරිණත පිතිකරණය ක්‍රීඩා තේරීම් කමිටුවල දැඩි ඇගයීමට ලක් විය. ඊට අමතරව, බිහාරයේ අන්තර් පාසල් වීරේන්ද්‍ර සෙවාග් කුසලාන තරගාවලියේදී එක දිගට ද්විත්ව ශතක සහ ත්‍රිත්ව ශතක (Triple Centuries) වාර්තා කරමින් පන්දු යවන්නන් අසරණ කිරීමට ඔහුට තිබූ සහජ හැකියාව, වයස අවුරුදු 12ක් වැනි කෙටි කලකින්ම ඔහුව ප්‍රාන්තයේ ඉහළම පළමු පෙළ ක්‍රිකට් පිටිය (Ranji Trophy) වෙත ඔසවා තැබීමට ප්‍රධානතම හේතුව විය.

රංජි කුසලාන ආගමනය සහ ලාබාලතම වාර්තාව

පාසල් සහ වයස් කාණ්ඩ ක්‍රිකට් පිටියේ දැක්වූ අසාමාන්‍ය දක්ෂතා හේතුවෙන් වයිභාව් සූර්යවංශීට 2023/24 රංජි කුසලාන (Ranji Trophy) පළමු පෙළ තරගාවලිය සඳහා බිහාර් ප්‍රාන්ත සංචිතයට ඇතුළත් වීමට වරම් ලැබුණි. ඒ අනුව 2024 ජනවාරි මාසයේදී පැට්නා හි පැවැති මුම්බායි කණ්ඩායමට එරෙහි තරගයේදී ඔහු සිය ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරගයට අවතීර්ණ විය. එම ඓතිහාසික තරගයට ක්‍රීඩා කරන විට ඔහුගේ නිල වයස සටහන් වූයේ අවුරුදු 12යි දින 284ක් වශයෙනි. මෙමඟින් ඔහු ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන සචින් තෙන්ඩුල්කාර් (වයස 15 දී) සහ යුව්රාජ් සිං (වයස 15 දී) පවා පසුකර යමින්, රංජි කුසලාන ඉතිහාසයේ තරග වැදුණු ලාබාලතම ක්‍රීඩකයන් අතර සිව්වන ස්ථානයට පත් විය.

ලෝක පූජිත ක්‍රීඩකයන්ගෙන් සමන්විත මුම්බායි කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නන්ට එරෙහිව සිය මංගල තරගයේ පළමු ඉනිමේදීම හතරේ පහරවල් 3ක් සමඟින් ලකුණු 19ක් රැස් කිරීමට මෙම යොවුන් ක්‍රීඩකයා සමත් විය. පළමු පෙළ ක්‍රිකට් පිටියේ පරිණත පන්දු යවන්නන්ගේ අධික වේගය සහ උපක්‍රම හමුවේ වයස අවුරුදු 12ක දරුවෙකු දැක්වූ මෙම නිර්භීත ප්‍රතිචාරය ක්‍රීඩා විචාරකයන්ගේ දැඩි ඇගයීමට ලක් වූ අතර, ඉන්දීය ක්‍රිකට් අනාගතයේ බිහිවන සුවිශේෂී සලකුණක් ලෙස ඔහුව නම් කිරීමට මෙම රංජි කුසලාන ආගමනය මඟ පෑදුවේය.

අයි.පී.එල්. (IPL) හරහා ජාත්‍යන්තර කීර්තියට පත්වීම

වයිභාව්ගේ ක්‍රීඩා ජීවිතයේ  ස්වර්ණමය  අවස්ථාව උදා වූයේ 2024 නොවැම්බර් මාසයේදීය. එහිදී පැවැත්වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්ථාන් රෝයල්ස් (Rajasthan Royals) කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.1ක මුදලකට ඔහුව මිලදී ගන්නා ලදී. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 13ක් පමණක් වූ අතර, අයි.පී.එල්. ගිවිසුමකට අත්සන් තැබූ ඉතිහාසයේ ලාබාලතම ක්‍රීඩකයා බවට ඔහු පත් විය.

ඉන්පසුව, 2025 අප්‍රේල් මාසයේදී, වයස අවුරුදු 14යි දින 23ක් වෙද්දී ඔහු අයි.පී.එල්. තරග බිමට පිවිසියේ සමස්ත අයි.පී.එල්. ඉතිහාසයේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක් තබමිනි. තමන් ක්‍රීඩා කළ මුල්ම තරග කිහිපය අතරතුරදීම ගුජරාට් ටයිටන්ස් (Gujarat Titans) කණ්ඩායමට එරෙහිව පන්දු 38ක් තුළ ලකුණු 101ක් රැස් කිරීමට ඔහු සමත් විය. මෙම සුවිශේෂී ඉනිම ඔහුව පිරිමි විස්සයි20 (T20) ක්‍රිකට් ඉතිහාසයේ ලාබාලතම ශතකලාභියා බවට පත් කළේය. ඔහුගේ මෙම ශතකය වාර්තා වූයේ පන්දු 35ක් ඇතුළත වන අතර, එය අයි.පී.එල්. ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය ලෙස ද සටහන් විය.

වත්මන් 2026 අයි.පී.එල්. තරග වාරයේදී ද ඔහු තම සුපිරි දක්ෂතා අඛණ්ඩව ප්‍රදර්ශනය කරමින් ඇත්තේය.  ඊයේ දිනයේදී ද ඔහු පන්දු 29ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකින් ලකුණු 97ක විශ්මිත ඉනිමක් දියත් කිරීමට සමත් විය. ඔහු ඉතා ඉහළ ප්‍රහාරාත්මක වේගයක් (Strike Rate) පවත්වා ගනිමින් හයේ පහරවල් රැසක් සමඟින් ලකුණු සිය ගණනක් රැස් කර තිබේ. මෙම විශිෂ්ට දක්ෂතාවන් නිසාම ඔහුට ජාත්‍යන්තර යොවුන් ක්‍රිකට් පිටියේ දොරටු ද විවර විය. ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලෝක කුසලානය දිනා දීම සඳහා ප්‍රධාන දායකත්වයක් සැපයූ ඔහු, අද වන විට ලොව පුරා ප්‍රසිද්ධියට පත් තාරකාවකි. බිහාරයේ කුඩා නගරයක සිට අයි.පී.එල්. පිටියේ ලොව හොඳම පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කිරීම දක්වා ඔහු පැමිණි මෙම ගමන සැබවින්ම අකුණක් මෙන් වේගවත්ය.

ක්‍රීඩා විද්‍යාත්මක ඇසකින් වයිභාව්ගේ අසාමාන්‍ය දක්ෂතාවය

වයිභාව් සුවිශේෂී ක්‍රීඩකයෙකු වන්නේ ඔහුගේ වයස නිසාම පමණක් නොවේ, ඔහු සතු විශ්මිත ක්‍රීඩා කුසලතාවයන් නිසාය. තමන්ට වඩා වයසින් මුහුකුරා ගිය බොහෝ ක්‍රීඩකයන්ට වඩා පන්දුවට පහරදීමේ නිවැරදි වේලාව හඳුනා ගැනීම (Timing), ශක්තිය (Power) සහ තරගය පිළිබඳ ඇති අවබෝධය (Game Sense) ඔහු සතුව ඉහළින්ම පවතී. පන්දුවේ වේගය සහ රිද්මය මැනවින් භාවිත කරමින් දැවැන්ත පහරවල් එල්ල කිරීමට ඔහුට සහජ හැකියාවක් ඇත.

ක්‍රීඩා විද්‍යාත්මක (Sports Science) දෘෂ්ටිකෝණයකින් බලන කල, විශේෂඥයන් ඔහුගේ සුවිශේෂී පිතිකරණ තාක්ෂණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරති. ඔහුගේ පිත්ත හසුරුවන ආකාරය (Bat Swing) සහ මැණික්කටුව චලනය කරන ආකාරය (Wrist Action) ඉතා සුවිශේෂී වන අතර, එයින් නිර්මාණය වන ‘Whip’ (කසයකින් තලන්නාක් වැනි) බලපෑම හේතුවෙන් පහරවල් සඳහා වැඩි ශක්තියක් ජනනය වේ. පන්දුවට පහර දෙන අවස්ථාවේදී ඔහුගේ හිස ඉතා ස්ථාවරව පවතින අතර, සිරුරේ බර නිවැරදිව ඉදිරියට හෝ පසුපසට හුවමාරු කර ගනිමින් ඉහළ පිති වේගයක් (High Bat Speed) නිර්මාණය කිරීමට ඔහුට හැකියාව තිබේ. මේ හේතුව නිසාම ඉතා වේගවත් සහ අත්දැකීම් බහුල පන්දු යවන්නන්ට එරෙහිව වුවද ඉතා පහසුවෙන් හයේ පහරවල් එල්ල කිරීමට ඔහුට පුළුවන.

ඔහුගේ ශරීර ස්වභාවය ද සහජයෙන්ම මීට ගැළපෙන පරිදි හැඩගැසී ඇත. ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, ශක්තිමත් උදර සහ පිටකොන්ද ආශ්‍රිත මාංශ පේශි පද්ධතිය (Strong Core) සහ විශිෂ්ට ශරීර සමතුලිතතාවය ඒ අතර ප්‍රධාන වේ. මෙතරම් තරුණ වයසකදී වුවද, නිවැරදි පන්දු තෝරාගෙන පහරදීම සහ කිසිදු බියකින් තොරව ප්‍රහාරාත්මක මානසිකත්වයකින් යුතුව ක්‍රීඩා කිරීම ඔහු තුළින් කැපී පෙනේ.

පුහුණුකරුවන් පවසන්නේ මෙම සහජ දක්ෂතාවය, දැඩි පුහුණුව සහ ජෛව යාන්ත්‍ර විද්‍යාව (Biomechanics – සිරුර චලනය වන ආකාරය) යන සියල්ලේ සුසංයෝගය ඉතා දුර්ලභ ගණයේ එකක් බවයි. යොවුන් ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි සීමාවන් සහ ක්ෂිතිජයන් පුළුල් කළ ක්‍රීඩකයෙකු බැවින් ඔහුව හඳුන්වන්නේ ‘පරම්පරාවකට වරක් බිහිවන අතිජාත දක්ෂතාවක්’ (Generational Talent) ලෙසිනි.

වයිභාව් සූර්යවංශී යනු හුදෙක් ක්‍රිකට් ක්‍රීඩා කරන තවත් එක් කුඩා පිරිමි ළමයෙකු පමණක් නොවේ. ඔහු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ තබා ඇති දැවැන්තම බලාපොරොත්තුවයි. සමස්ත ක්‍රීඩා ලෝකයම අතිශය උද්යෝගයෙන් යුතුව මෙම අසිරිමත් ක්‍රීඩා ගමන දෙස බලා සිටියි.

කඩාකප්පල්වන අධ්‍යාපනය

එහෙත් මේ දරුවා අනෙක් පසින් දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දී සිටී. ඔහුට සම වයසේ දරුවන් මෙන් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇත.

වයිභාව් සූර්යවංශී අධ්‍යාපනය ලබන්නේ බිහාරයේ සමස්තිපූර් හි පිහිටි ‘පෝඩාර් ඉන්ටර්නැෂනල්’ (Podar International School) පාසලේ සහ තජ්පූර් හි ‘මොඩස්ටි’ (Modesty School) පාසලේය. ක්‍රිකට් පිටියේ ඔහු පන්දු යවන්නන් මෙල්ල කරමින් ලකුණු ගොඩගැසුව ද, සාමාන්‍ය දරුවෙකු ලෙස පාසල් බංකුවට වී අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඔහුගෙන් බොහෝ දුරට ගිලිහී ගොස් තිබේ. වයස අවුරුදු 14 සහ 15 වැනි බාල වයස්වලදීම ඉන්දීය වයස් කාණ්ඩ කණ්ඩායම්, පළමු පෙළ රංජි කුසලාන තරග සහ අයි.පී.එල්. (IPL) තරගාවලිය නියෝජනය කිරීමට සිදු වීම නිසා වසරේ වැඩි කාලයක් ඔහුට ගත කිරීමට සිදු වූයේ ක්‍රීඩා පිටි, සංචිත පුහුණු කඳවුරු සහ හෝටල් කාමර තුළය. මේ හේතුවෙන් අනෙකුත් දරුවන් මෙන් දිනපතා පාසල් යාමට හෝ ක්‍රමානුකූලව පන්ති කාමර අධ්‍යාපනය ලැබීමට ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත.

10 වැනි ශ්‍රේණියේ විභාග අර්බුදය..

 

ඔහුගේ සාම්ප්‍රදායික අධ්‍යාපනය බිඳ වැටී ඇති බව වඩාත්ම තහවුරු වූයේ, ඉන්දියාවේ අතිශය තීරණාත්මක කඩඉම් විභාගයක් වන මධ්‍යම අධ්‍යාපන මණ්ඩලයේ (CBSE) 10 වැනි ශ්‍රේණියේ පොදු විභාගයට (10th Board Exams) මුහුණ දීමට සිදුවූ අවස්ථාවේදීය. වයිභාව් යොවුන් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව, ඔහු මෙම විභාගයට පෙනී සිටීමට නියමිතව තිබූ අතර පාසල මඟින් ප්‍රවේශ පත්‍ර ද නිකුත් කර තිබුණි. පාසල් විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙය ‘අධ්‍යාපනික තණතීරුවක්’ (Academic Pitch) බැවින් ඔහුට කිසිදු විශේෂ සැලකිල්ලක් නොදක්වන බවය.

කෙසේ වෙතත්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවැත්වුණු දැඩි පුහුණු සැසි, අඛණ්ඩ තරග කාලසටහන සහ ඔහු යන එන තැන්වල දහස් ගණනින් සෙනඟ රැස්වීම නිසා ඇතිවූ ආරක්ෂක ගැටලු හේතුවෙන් වයිභාව්ට එම තීරණාත්මක විභාගය අත්හැර දැමීමට (Skip කිරීමට) සිදු විය. ඔහුගේ පියා වන සංජීව් සූර්යවංශී මාධ්‍ය වෙත තහවුරු කළේ, විභාගය පිළිබඳ විශාල කතාබහක් නිර්මාණය වුව ද ක්‍රීඩාවේ කාර්යබහුලත්වය නිසා වයිභාව් මෙවර විභාගයට පෙනී නොසිටින බවත්, ලබන වසරේදී ඊට පෙනී සිටීමට බලාපොරොත්තු වන බවත්ය.

ක්‍රිකට් වෙනුවෙන් කළ කැපකිරීම

කුඩා කාලයේදී වයිභාව් ඉගෙනීමට දක්ෂ දරුවෙකු වුව ද, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින දැඩි තරගකාරීත්වය හමුවේ දැනට ඔහුට පන්ති කාමරය අමතක කර පිත්ත අතට ගැනීමට සිදුව ඇත. බිහාර් ක්‍රිකට් සංගමය සහ ඔහුගේ පවුලේ හිතවතුන් පවසන්නේ, වයිභාව් මේ වන විට සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ඇති බැවින්, ඔහුට පසුව විශේෂ ක්‍රමවේදයක් යටතේ හෝ වෙනත් විකල්ප මාර්ගයකින් විභාග සඳහා පෙනී සිටීමට කටයුතු සූදානම් කරන බවයි. මෙය ලෝක පූජිත ක්‍රීඩකයෙකු වීමට සිහින දකින බාල වයස්කාර ක්‍රීඩකයන්ට මුහුණ දීමට සිදුවන පොදු සැබෑ  තත්ත්වයකි.

අනාගය වෙනුවෙන් ඔහු ඉදිරියේ තෝරා ගැනීම් දෙකක් ඇත.  විශිෂ්ඨත්වය සඳහා එක් තෝරා ගැනීමක් කළ යුතුය. වයිභාව්  ක්‍රිකට් තෝරාගෙන ඇත.  විශිෂ්ඨත්වය පිළිබඳ  ලෝක යථාර්ථය එයය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල ඉදිරිපිට පොත් අලෙවි සලේ ගින්න අඛණ්ඩව පැතිරීම හේතුවෙන් හෙට දිනයේ කුරුණෑගල මලියදේව විදුහල වසා තබන්නට තීරණය කරයි!

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය: රියන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥවරුන් සාක්ෂියට කැඳවනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ජුනි 2දා!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.