ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු විසින් සුළු සේවිකාවකට පහරදුන් බවට සඳහන් කරමින් කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් අද (17) පස්වරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළදි විරෝධතාවයක නිරතවුහ.
මෙකී කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් ද ඊයේ වැඩවර්ජනයට එක්ව සිටි අතර අද දින (17) මෙම විශේෂඥ වෛද්‍යවරයා භාරව කටයුතු කරණ වාට්ටුවේ සේවයට පැමිණ ඇත.
එහදි විශේෂඥ වෛද්‍යවරයා විසින් වර්ජනය කිරිම සම්බන්ධයෙන් මෙම වාට්ටුවේ කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින්ට දොස්පවරා ඇත. එහිදි විශේෂඥ වෛද්‍යවරයා හා කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් අතර උණුසුම් තත්තවයක් ඇතිවි තිබේ.
පසුව කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින් මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති අතර පසුව මෙකි සිද්ධිය සමතයකට පත්ව ඇත.
කෙසේවුවද අද පස්වරුවේ මෙම සිද්ධිය මුල්කරගනිමින් විශේෂඥ වෛද්‍යවරයා සුළු සේවිකාවකට පහරදුන් බව කියමින් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් පිරිසක් විරෝධතාවයේ නිරතවුහ.