ලලිත් චාමින්ද –
-
හදිසි අනතුරකින් ආබාධිත වූ පසු යුද හමුදාවෙන් ඉවත් වෙලා හිඟා කන්න අරන්… දිනපතා රුපියල් 3000ක් ඉතිරි කර ඉතිරි මුදලේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා…
-
දරු දෙදෙනෙකුගේ පියෙක්… දරුවන්ට රුපියල් දස දහසක නඩත්තු මුදලක් මාසිකව දෙනවා…
මත්කුඩු මිලිග්රැම් 120ක් සමග ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් යාචකයකු දෛනිකව රුපියල් අටදහසක, දසදහසක ආදායමක් උපයන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි අනාවරණය වි ඇති බැව් ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසයි.
මෙම යාචකයා මත්කුඩු හා මත්පැන් පානයට ඇබ්බැහිවි සිටින හතලිස් දෙහැවිරිදිවියේ පසුවන අයෙකි. ඔහු කළුවැල්ල දේශයේ දි මත්කුඩු පැකැට්ටුවක් සමග අත්අඩංගුවට ගනු ලැබිය. මොහු ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබා යුධ හමුදාවට සම්බන්ධ වී සේවය කරමින් සිටියදි හදිසි අනතුරකට ලක්ව පාදයක් අහිමි වි ඇති අයෙකු බව පොලිසිය පවසයි. පසුව මොහු ලක්ෂ 03කට අධික වන්දිමුදලක් ලබාගෙන යුධ හමුදාවෙන්ඉවත්ව ඇත.
මෙම යාචකයා දෛනික උපයන ආදායමෙන් රුපියල් තුන්දහසක මුදලක් බැංකු ගතකරණ බවත් දිනපතා ත්‍රි රෝද රථයකින් ගොස් නිති විරෝධි මත්පැන් පානය කරණ බවත් පොලිසිය විසින් මොහුගෙන් කරනු ලැබු ප්‍රශ්න කිරිමේ දි අනාවරණය වි ඇත. මොහු මාතර ප්‍රදේශයෙන් විවාහ වි ඇති අතර දරු දෙදෙනාට නඩත්තුව සදහා මාසිකව රුපියල් 10000ක මුදලක් ලබාදෙන බවද විමර්ශන වලදි අනාවරණය වි තිබේ.
මොහු ලක්ෂ 80ක මුදලකට ඉඩමක් මිලදි ගෙන ඇති බවද පොලිසිය පවසයි. මෙම යාචකයා ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබා ඇති අතර හදිසි අනතුරට ලක්විපාදයේ ඇති වු අබාධයත් සමග සිඟා කැමට යොමුවි ඇත.
ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මේරි නිමල්, පො සැ 43504 අබේතුංග, පො කො 67482 එදිරිසිංහ යන නිලධාරින් විසින් මෙකි යාචකයා අත්අඩංගුවට ගනු ලැබිය.