දිනසේන රතුගමගේ
යාපනයේ වඩමරච්චි නැගෙනහිර කොටසේ මුල්ලියන් ග්‍රාමයේ ඉඩම් අක්කර එකහමාරක් නාවික හමුදාවේ ප්‍රයෝජනය සඳහා ලබා දීමට එම ඉඩමේ මැනුම් කටයුතු සිදු කිරීමට ගිය රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට දෙමළ දේශපාලනඥයන් ඇතුලු පිරිසක් 24 දා බාධා කොට තිබේ.
මිනින්දෝරු නිලධාරීන් ගමන් කළ වාහනය අතරමග නවතා ගත් මේ පිරිස ඔවුන්ට තර්ජනය කොට ඔවුන්ව ආපසු හරවා යවා තිබේ.
මේ පිරිස අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වතුරෙයි ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා හා එම පක්ෂයේ උතුරු පළාත් සභාවේ සිටි මන්ත්‍රීවරු කීප දෙනෙකුද තවත් පිරිසක්ද සිට ඇත.
තම රාජකාරියට බාධා කිරීම නිසා ආපසු හැරී ගිය යාපනයේ මිනින්දෝරු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ව දැනුවත් කොට තිබේ.
නමුත් එම ඉහල නිලධාරීන් යාපනයේ කිසිම පොලිසියකට සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිලි කොට නොමැත.
නාවික හමුදාව විසින් එම ඉඩම් අක්කර එකහමාරක භූමි ප්‍රදේශය රජයෙන් ඉල්ලා ඇත්තේ නාවික හමුදාවේ දැනට එම ප්‍රදේශයේ පවතින කදවුර පුළුල් කිරීම සඳහාය.
යාපනය දිසාපතිවරයාගේ හා දිස්ත්‍රික් ඉඩම් නිලධාරීවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව ඉඩම් කොටස මැන වෙන් කිරීමට ගිය මිනින්දෝරු නිලධාරී පිරිසට තර්ජනය කිරීම හා බැන වැදිම සිදු කොට තිබේ.