අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකට ආර්ථික විද්‍යාඥ අමල් සඳරත්න මිය ගිය හැටි ඇසින් දුටු බිරිය කියන කතාව!

by editor
ජූලි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ සිටි විශ්ඨම විද්වත් වෘත්තිකයෙක් වූ අමල් සඳරත්න  පෙරේදා (23) කොළඹ 07, කුරුදුවත්ත, රොස්මිඩ් පෙදෙසේ,  අංක 44, රොස්මිඩ් ටවර් හි 07වැනි මහලින් පැන  මියගොස් තිබුණේය.

අමල් සඳරත්න දකුණු හා මධ්‍යම ආසියාව පුරා ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ ආදි සිසුවෙකි.

අමල් සඳරත්න සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ලෙස ඔහු කටයුතු කළේය.‍

සීමාසහිත ෆ්‍රොන්ටියර් රිසර්ච් පුද්ගලික සමාගම ට අමතරව, ඔහු Keells Food Products Plc හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරයි.

මීට පෙර, අමල් සඳරත්න Jardine Fleming HNB Securities (Pvt) Ltd හි ප්‍රධාන-පර්යේෂණ තනතුර හෙබවීය. ඔහු සිය උපාධි අපේක්ෂක පුහුණුව සඳහා London School of Economics and Political Science හි වැඩ කළේය

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

විමර්ශකයින් පවසන පරිදි අමල් සඳරත්න  පදිංචිව සිට ඇත්තේ  අංක 11 සුනේත්‍රා පටුමග, කොළඹ 05 ලිපිනයෙහි පදිංචි නිවසේය.  වසර විස්සක පමණ කාලයක සිට විශාදය  රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇත.

උත්සන්න වූ විශාද තත්ත්වයන් නිසා අමල් මීට පෙර අවස්ථා හතරකදී  කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබේ.  අවසන් වරට ඔහු නේවාසිකව ප්‍රතිකාර ගෙන නිවසට පැමිණ ඇත්තේ පසුගිය ජූනි 03 වැනිදා ය.

උස් ස්ථානවලින් බිමට පැනීමට ඔහුගේ ඇති පෙළඹීම පිළිබඳ නිතර ප්‍රකාශ වීමත් සමගම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ප්‍රතිකාර ක්‍රමවේදය සැලසුම් කර ඇති බවත්, එම ප්‍රතිකාර සඳහා සායනික මනෝවෛද්‍ය වාසලඅධිකාරී රාජශ්‍රී නිලුශා මනිමේකලා තෙන්නකෝන් ගුණතිලක  සහ  අමල් සඳරත්නගේ  බිරිද වන අයෝමා දර්ශනී සඳරත්න අමල්ගේ පියාවන ප්‍රකට ආර්ථික විද්‍යාඥ නිමල් සඳරත්නට අයත්  රොස්මිඩ් ටවර් ගොඩනැගිල්ලෙහි හත්වන මහලෙහි පිහිටි නිවස වෙත පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

පැමිණ  උපදේශන ප්‍රතිකාර සිදුකරමින් සිටින    අවස්ථාවේදී අමල් සඳරත්න නිවසේ හත්වන මහලෙන් බිමට පැන ඇතැයි විමර්ශන සාක්ෂි සටහන් වලදී ප්‍රකාශ වී ඇත.

ඒ සම්බන්ධව පොලිස් ස්ථානය වෙත කරන ලද දැනුම්දීමට අනූව කුරුදුවත්ත පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර හදිසි මරණ පරීක්ෂක අනුත්තරා රාජපක්ෂට  දැනුම්දී  හදිසි මරණ පරීක්ෂණය පවත්වා තිබේ.  මරණ පරීක්ෂණය පැවැත්වූයේ පෙරේදා (23) කොළඹ මහ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේ දි ය.

අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය  රුෂාන් පෙරේරා   විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදී  තිබිණි.

මරණ පරීක්ෂණය –

මරණ පරීක්ෂයේ දී සාක්ෂි දුන් අමල් සඳරත්නගේ බිරිය දර්ශානි සඳරත්න පවසා ඇත්තේ මනෝ උපදේශකවරිය සහ තමන් ඉදිරියේ අමල් සඳරත්න එක්වරම නැගට ගොස් තමන් සිටි හත්වන මහලේ නිවසෙහි සිට  බිමට පනින ලද බවය.

“එදා (23) උදේ 10.30ට විතර එයා හිටියේ කවුන්සලර්ටත් මටත් පිටුපසින්. මහත්තයා දොර පැත්තට හැරුණා. ක්ෂණයකින් එයා බැල්කනියෙන් බිමට පැන්නා. කාටවත් හිතාගන්න බැරි වුනා. “ මරණය ගැන සැකයක් නැති බව බිරිය දර්ශනී කීවාය.

සායනික මනෝ විද්‍යාඥ වාසල අධිකාරී රාජ ශ්‍රී නිලූෂා මනිමේඛලා තෙන්නකෝන් ගුණතිලක සාක්ෂි දෙමින් පැවසුවේ  අමල් සඳරත්න 2023සිට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් මාර්තු මස මුල සිට ප්‍රතිකාර ගන්නා බවය. ඔහු උස් ස්ථානයකින් බිමට පැනීමට ඇති නැඹුරුව හේතුවෙන් විශේෂ ප්‍රතිකාර සැලැස්මක් ක්‍රියාත්මක කළ බවත් ඉන් ඔහුට සෑහෙන ප්‍රගතියක් පෙන්නුම් කළ අතර එම ප්‍රතිකාර සැලැස්ම ඉකුත් සතියේ දී නිමා වූ බවත්ය.

“ පසුගිය 23 වැනිදා උදේ කොළඹ 05 ඉසිපතන මාවතේ දම්රිවි ආයතනයට ඔහුත් ඔහුගේ බිරියත් පැමිණියා. දම්රිවි ආයතනයේ දී උදේ 9.30ට පමණ මා ඔවුන්ව හම්බවුනා. මානසික තත්ත්වය ගැන එහිදී තක්සේරු කළා.  තක්සේරුවේ දී ආතති තත්ත්වයක් පෙන්නුම් කළේ නෑ.”

“ මෙයාගේ ඔෆීස් එක තිබුණේ ගොඩනැගිල්ලක පස්වන තට්ටුවේ. එදා අපි තීරණයකළා ඔහුගේ මානසික තත්ත්වය යහපත් නිසා ඊට වඩා ඉහළ තට්ටුවකට නගින්න. තට්ටුවෙන් තට්ටුවට යන්නයි ප්‍රතිකාර කරමින් ගියේ. ඒ වනවිට පස්වන තට්ටුවේ රැඳී සිටීම සඳහා අවශ්‍ය මානසික පසුබලය සපයන ප්‍රතිකාර සාර්ථකව නිම කරලයි තිබුණේ.”

ඒ නිසා තමයි අපි එයාගේ අම්මයි තාත්තයි ඉන්න රොස්මිඩ් පෙදෙසේ එපාර්ට්මන්ට් එකට ගියේ. ඒ ගොඩනැගිල්ලේ හත්වැනි මහලේ තමයි එයාගේ අම්මයි තාත්තයි හිටියේ. උදේ 10.30 -10.45 අතර අපි එතෙන්ට ගියා.

එයා බිරිය සමග ගේ ඇතුළෙ කාමරේ කතා කරමින් හිටියා විනාඩි දෙකක් තුනක්, මා හිටියේ සාලයෙ. අපි තුන්දෙනාම බැල්කනියට ගියා. අමල්  හිටියේ දොර ලඟ. මමයි අයෝමයි බැල්කනියේ බිත්තිය ගාව. එයා කිව්වා 7 වැනි තට්ටුවට යනකම් ප්‍රතිකාර කරගෙන යමු කියලා.

“මම අමල්ගෙන් ඇහුවා දැන් කොහොමද?  ඔයාට මොකද හිතෙන්නෙ කියලා. ඔහු සාර්ථකව උත්තර දුන්නා. අපි දෙන්නම එයාට කතා කළා. ගේ ඇතුළට යමු කියලා හැරුණා විතරයි තත්පර දෙකෙන් එයා බිමට පැන්නා.’

මරණයට හේතුව පපුවට, බඩට හා ශරීරයට සිදුවූ බරපතල තුවාල බව අධිකරණ වෛද්‍ය රුක්ෂාන් පෙරේරා නිගමනය කළේය.

“මගේ අත්දැකීම් සහ වෘත්තීමය සුදුසුකම් මත මම නිගමනය කරනවා මානසික අවපීඩනය (මේජර් ඩිප්‍රෙෂන් ඩිස්ඕඩර් ) යන රෝගී තත්ත්වය මත සිය දිවි හානි කරගැනීමක් බව.”

“මා රෝගීන් ලක්ෂ එක හමාරකට වඩා පිරිසකට ප්‍රතිකාර කර තිබෙනවා. මෙවැනි සිදුවීමක් වූ මුල්ම අවස්ථාව මෙයයි.” වෛද්‍යවරිය කීපාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කම්කරු ලේකම් වහාම අත්අඩංගුවට ගන්න… හොරණ අධිකරණයෙන් වරෙන්තුවක්!

Next Post

යාපනයේ ඉඩම් මනින්න ගිය නිලධාරීන්ට උතුරේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක‌ගෙන් තර්ජන

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.