මයික්‍රොසොෆ්ට් ආයතනයේ සම නිර්මාතෘ හා ධානපති බිල් ගේට්ස් සිය මාසික ගුවන් විදුලි දේශනයේදී ‘මාන් කී බාට්’ වැඩසටහන අගය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඔහුට කෘතඥතාව පළ කළේය.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පැවසුවේ ‘මගේ මිතුරා බිල්ගේට්ස් ‘මාන්කීබාට්’ අගය කිරීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.. ‘මාන්කීබාට්’ අපේ ග්‍රහලෝකය යහපත් තැනක් කිරීමට, ඉන්දීය ජනතාවගේ ාසාමූහික ආත්මයන්ගේ පිළිබිඹුවක් වෙනවා… ඒ ගැන බිල්ගේට්ස් මහතා ද දැඩි උනන්දුවක් දක්වනවා..’ යනුවෙනි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් සටහනට ප්‍රතිචාර දක්වමින් බිල් ගේට්ස් සඳහන් කර තිබුණේ, ‘මාන්කීබාට්’ සනීපාරක්ෂාව, සෞඛ්‍යය, කාන්තා ආර්ථික සවිබල ගැන්වීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක හා සම්බන්ධ අනෙකුත් ගැටළු පිළිබඳ ප්‍රජාව විසින් මෙහෙයවන ක්‍රියාමාර්ග උත්ප්‍රේරණය කර ඇත. 100 වැනි වැඩසටහනට සුබ පැතුම්..” ලෙසිනි.
‘මාන්කීබාට්’ හි 100 වැනි වැඩසටහන පැවැත්වීම ඇමරිකාවේ ජීවත්වන ඉන්දියානුවන් ද සමරන ලදී.