මෙවර යල කන්නය සඳහා ගොවීන්ගේ කැමැත්ත පරිදි යූරියා පොහොර, MOP හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කාරක සභාව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මෙවර යල කන්නයේ යූරියා සහ එම්ඕපී පොහොර සඳහා හෙක්ටයාරයකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර දෙකකට රුපියල් 40,000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා රජය රුපියල් බිලියන 11ක් වැය කිරීමට බලාපොරොත්තු වේ.
මෙම මුදල් යොදවා ගොවීන්ට අවශ්‍ය නම් යූරියා පොහොර, MOP පොහොර හෝ කාබනික පොහොර කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
එමෙන්ම 2023/24 කන්නයේ සිට රජය පොහොර ලබාදීමේ වගකීමෙන් ඉවත් වන අතර, අවශ්‍ය පොහොර සැපයීම පෞද්ගලික අංශයට පැවරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.