දිනසේන රතුගමගේ –
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා ලද මුද්‍රණ යන්ත්‍ර පද්ධතියක් යාපනය ශීක්ෂණ රෝහල් මාවතේ නිවසක සිට වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටි තරුණයෙකු යාපනය පොලීසිය විසින් 9 දා අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත එම මාර්ගයේ ගමන් ගත් වාහන නවතා කළ පරීක්ෂා කිරීමකදී සැකකරු විසින් එම යන්ත්‍ර පද්ධතිය රැගෙන යමින් සිටියදී ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සතියේදී යාපනයේ පලෙයි ප්‍රදේශයේදී රුපියල් 5000 හා රුපියල් 500 බැගින් වූ නෝට්ටු වලින් ව්‍යජ ලෙස මුද්‍රණය කරණ ලද රුපියල් ලක්ෂ 13 ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් අතර මුද්‍රණ යන්ත්‍ර පද්ධතිය සමග අත් අඩංගුවට ගත් තැනැත්තා මුලින් අත් අඩංගුවට ගෙන සිටින එක් සැකකරුවකුගේ ඥාතියෙකු බවට පොලීසියට තොරතුරු හෙළි වී තිබේ.
අදාල සැකකරුව යාපනය ආධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව මැයි මස 23 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.