අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර මියගිය දැරිය කලබලයට පත් කළ බව කියන අවසන් ඇමතුම ඇය සමග පැමිණි යෙහෙළියගෙන් ද?. විමර්ශකයින් දුරකථනය සොයා ගන්න නාවික හමුදා සහාය පතයි!

ප්‍රධාන සැකකරුගේ පාපොච්ඡාරණයට විමර්ශකයින්ගේ අවධානය... සැකකරුගේ ප්‍රකාශයේ සත්‍යතාවය සෙවීමටත් විමර්ශන ඇරඹෙයි...

by editor
මැයි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර   ලැගුම්හලක පස් වැනි මහළෙන් ඇදවැටී මිය ගිය 16 හැවිරිදි පාසල් දැරියගේ ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා  නාවික හමුදාවේ සහය ලබා ගැනීමට  පොලිස් විමර්ශන අංශ තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ දැරියගේ ජංගම දුරකථනයට පැමිණි අවසන් ඇමතුම සම්බන්ධව ප්‍රධාන සැකකරු කරන ලද ප්‍රකාශයක් ඔස්සේ කරන විමර්ශනය සඳහාය.

අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව දැරිය දූෂණය වී නැති බව තහවුරු වී තිබීමත් ප්‍රධාන සැකකරු කිසිම ලිංගික කාර්යයක් දැරිය සමග නොකළ බව ප්‍රකාශ කිරීමත් සමග ඔහු කරන පාපොච්චාරණය සම්බන්ධව විමර්ශන අංශවල වැඩි අවධානයක් යොමු වී ඇත.

ප්‍රධාන සැකකරු පවසා ඇත්තේ මෙම දැරිය මින් පෙර කිසිම කලක තමන් දැක නැති බවය. “තැනකුත් තියනවා, කෙල්ලෙකුත් ඉන්නවා පොඩි චූන් එකක් ගනිමු” ලෙස මෙම සැකකරුට ආරාධනා කර ඇත්තේ දැරිය නිවසට ගොස් රැගෙන පැමිණි කළුතර විද්‍යාලයේම 19  හැවිරිදි තරුණියගේ පෙම්වතා බව සැකකරු පවසා ඇත.

ඒ අනුව මෙම අවස්ථාව ලබා ගැනීමට පැමිණි බවත් ඔහු එන විට විදේශීය මත්පැන් බෝතලයක් ගෙන ආ බවත් සැකකරු පවසා තිබේ. කලින් දැරිය හමුවූ පසු නිවසට ගොස් මවට කියා එන බව දැන්වා ඇයත් යෙහෙළියත් ගිය බවත් පසුව සිව් දෙනාම ඔහුගේ මෝටර් රථයෙන් හෝටලය වෙත ගිය බවත් සැකකරු පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිවු දෙනාම එකට හිඳ මත්පැන් පානය කර ඉතාම සතුටින් දැරිය තමන් සමග සිටිය බවත් ඇය නිරුවතින් රංගනයක යෙදුන බවත් ඔහු කියා තිබේ.

කෙසේ වෙතත් මේ අතර ඇයට දුරකථන ඇමතුමක් ලැබුණු බව සැකකරු කියා ඇත. එම දුරකථන ඇමතුමේ බ්ලැක්මේල් කිරීමක ස්වරූපයක් තිබුණේ යැයි හැඟුන බවත් ඒ ඇමතුමත් සමග දැරිය සම්පූර්ණයෙන් වියරු වැටී “කැත වැඩ කරන්න එපා යකෝ “ යැයි පවසමින් කාමරයේ ජනෙල් පියන් දෙක විවෘත කර නිරුවතින්ම ජනේලයෙන් පිටතට පැන්න බවත් සැකකරු පවසා ඇත.

තමන් හෝටලයෙන් පිටව ගියේ ඉන් අනතුරුව බවත් පිටවී යෑමට පෙර තරුණ යුවලේ තරුණයාට ඇමතුමක් දුන් බවත් ඔහු පවසා ඇත.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ඒ ඇමතුම අනුව මිටර් 400ක් පමණ දුරක්  පා ගමනින් පැමිණි මෙම යුවල නිරුවත් මළ සිරුර පසෙකට ඇද දමා දුරකථනය ගෙන අසල කලපුවට විසි කර ඇවිදගෙන ගොස් ඇති බවය.

බොහෝ විට අවසන් ඇමතුම ලබා දුන්නේ මේ යුවලගෙන් කෙනෙකු විය හැකි බවට විමර්ශන අංශ සැක පල කරයි.

එමෙන්ම මේ ප්‍රකාශය සැලසුම් කළ එකක් විය හැකි බවට ද පොලිසිය සැක පහළ කරයි.  පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ ඒ සැකය ඔස්සේ තවදුරටත් විමර්ශන කිරීමට බව වාර්තා වේ.

අපරාධ විමර්ශන අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර සල්ලි මුද්‍රණය කළ යන්ත්‍ර පද්ධතියක් යාපනයේ දි කොටු වෙයි!

Next Post

කළුතර දැරියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු අරගලයේ සාමාජිකයෙක් නොවෙයි… පොහොට්ටු හිතවතෙක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.