ශ්‍රි ලාංකිකයන් සඳහා ඉලෙක්ට්‍රොනික වීසා ක්‍රමය යළි දියත් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව කොලඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. මේ අනුව විවේක සංචාර, ව්‍යාපාර, සම්මන්ත්රණ ඇතුළු බොහෝ දේ සඳහා ඉන්දියාවට සංචාරය කිරීමට බලාපොරොත්තු වන ශ්‍රි ලාංකිකයන්ට එයන් පහසුවක් සැලසෙන බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එම වීසා ලබා ගැනීමට https://indianvisaonline.gov.in/evisa/tvoa.html හරහා අයදුම්පත් යොමු කළ හැකිය.