රුසියානු අත් අඩංගුවේ පසුවූ ඇමරිකා ඒක්සත් ජනපද කාන්තා පැසිපන්දු ක්‍රීඩිකාවක් වන බ්‍රිටිනි ග්‍රයිනර් නිදහස්ව යලි සිය රටට පැමිණියාය. ඇය ඇමරිකා කාන්තා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි.ඇය රැසියාවේ දී ඇත්අඩංගුවට ගන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ වරදකයට.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී ගංජා මිශ්‍ර තෙල් ලඟ තබා ගැනීමකට මොස්කව් ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගෙන තිබිණි. ඒහිදී රුසියාව පවසා ඇත්තේ එරට නීතියට අනුව ගංජා හෝ ඒවා අඩංගු නිෂ්පාදන ලඟ තබා ගැනීම තහනම් බවය.
ග්‍රයිනර් ඇමරිකාවට පැමිණීමත් සමඟ ඇයව විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළාය. එහිදී ඇගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට පියවරගෙන ඇත.
ඇය සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර අවාධනයක් යොමු වූයේ ඇයව රුසියාවේදී අත් අඩංගුවට ගැනීමත් සමඟය. ඇය රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර අත් අඩංගුවට ගත්තද යුක්රේන ආක්රමණයත් සමඟ ඇයගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධනේ ජාත්‍යන්තර අවධානයක් යොමුවිය.
ඒ් අනුව මෙම ක්රිඩිකාව නිදහස් කරගැනීමට ඇමරිකානු රජයේ විශේෂ අවධානයක් යොමු වූ අතර ඊට අදාල සාකච්ඡා ජුලි මාසයේදී ආරම්භ විය.
එහිදී රුසියාව විසින් මෙම ක්‍රීඩිකාව නිදහස් කිරීමට ඇමරිකා එක්සත් ජනපද අඩංගුවේ සිටින ලොව දරුණුතම පුද්ගලයෙකු සහ අවි ජාවාරම් කරුවෙකු වන වික්ටර් බෝවුට් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලා තිබිණි.
වික්ටර් බෝවුට් නැමැති මෙම අවි ජාවාරම්කරුවා මරණයේ වෙළෙන්දා නමින් ඉතා ප්රකටව සිටි අයෙකු වන අතර ඔහු වසර 12ක කාලයක් එක්සත් ජනපදයේ සිරගතව සිටියේය.
බ්‍රිටිනි ග්‍රයිනර් නිදහස් කිරීම සඳහා රුසියාව ඉල්ලුවේ මරණයේ වෙළෙන්දාය. ඇමරිකාව බ්‍රිට්නි සමග මරණයේ වෙළෙන්දා වූ වික්ටර් හුවමාරු කරගත්තේය.
කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද විසින් ගන්නා ලද මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි විවේචන ඒල්ල වී තිබේ. ඒහිදී මාධ්‍යවේදීන් ඇතුලු විශාල පිරිසක් විමසා ඇත්තේ ජත්‍යන්තර අවි ජාවාරම්කරුවකු සහ ගෝලීය ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි පුද්ගලයකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ක්‍රීඩිකාවක් හුවමාරු කිරීම තාර්කිකද යන්නයි.
අදාල ක්‍රීඩිකාව ඇමරිකානු ජාතික ගීය පවා ගායනා කිරීම ප්රක්ෂේපකළ තැනැත්තියක් බව හෙළි විය. ඒවැනි අයෙකුට ඇමරිකානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අයෙකු හුවමාරු කිරීම බයිඩන් පාලනයේ දුවර්වල බව යලිත් පෙන්නුම් කරන අවස්ථාවක් ලෙසද විචාරකයෝ පෙන්වා දෙයි.
බ්‍රිට්නි සහ වික්ටර් ගුවන්තොටුපලින් වෙන් වුන අවස්ථාව…