දිනසේන රතුගමගේ –
දෙමළ ජනතාව මහවිරු දිනය සංවිධානය කොට ඇත්තේ රට බෙදීමට හෝ ජාතිවාදී අදහස් ඉස්මතු කිරීමට නොවන බව කිළිනොච්චියේ දෙමළ ජනතා සංගමය 25 දා නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කොට තිබේ.
එම නිවේදනයේ සදහන් වන්නේ මෙසේය.
”අපගේ ආදරණීය සිංහල මිතුරනි.!
අප දැන් මහවිරු දිනය සමරන්නේ රට ඇල්ලීමට නොවේ. යම් යම් පාර්ශ්ව වලට එරෙහිව අවි ආයුධ අතට ගැනීම් සැමරීම සඳහාත් නොවේ .සිංහල ජනතාව සමග ගැටුමක් ඇති බව ප්රදර්ශනය කිරීම සදහා ද නොවෙයි. ගැටුමට සම්බන්ධ පිරිස් විරුවන් බව අපි කිසිදා ප්රකාශ නොකරමු. ඒ සියළු පිරිස් මේ වන විට අපේ සහෝදරයින් බවට පත්ව අති නිසා දෙමළ ජනතාව වෙනුවෙන් ජීවිත කැප කළ පිරිස අපේ හදවත් තුළ තබා ගැනීමට සිදු කෙරෙන මහවිරු උළෙලට සිංහල ඔබලාගේ සහය අප හට ලබා දෙන්න. එවිට ශ්රී ලංකාව තුළ ගැටුම් වාද භේද ඇති නොවී හිරු මෙන් මේ රට බබලන්නේය.”
මෙයට
දෙමළ ජනතා සංගමය, කිළිනොච්චිය