ඔවුන් රටට රැකියා හා විදේශ විනිමය මෙන්ම නරඹන්නාට විවිධ අත්දැකීම් ලබා දීමෙන් ආර්ථිකයට දායක වේ.
ඔවුන් ප්‍රධාන ආදායම උපයන්නේ Airbnb, Booking.com, Agoda වැනි online සංචාරක නියෝජිතයන්ගෙන් වන අතර බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මේ හේතුවෙන් අධිකාරිය සමග ලියාපදිංචි නොවූ කාණ්ඩයට අයත් වේ.
ඒත් සමගම ලියාපදිංචි වීමට ඇති බොහෝ බාධක හේතුවෙන් මෙම සේවා සපයන්නන්ගෙන් බොහෝ දෙනෙකුට රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සහන පැකේජයෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීමට නොහැකි විය.
මෙම පරතරය සැලකිල්ලට ගනිමින් අධිකාරිය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අනාගතයේදී සංචාරකයින්ට සත්කාර කිරීමට හැකි වන පරිදි COVID-19 සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා තාවකාලික බලපත්‍ර ක්‍රමයක් නිර්මාණය කර ඇත.
අතීතයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙකුට අධිකාරියේ දැඩි ලේඛන අවශ්‍යතා නිසා ලියාපදිංචි වීමට නොහැකි වු අතර ඔවුන්ට දැන් සීමිත ලියකියවිලි, ඡායාරූප සහ රු .2200 / – ක් වු ලියාපදිංචි ගාස්තුව සමඟ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් තාවකාලික බලපත්‍රයක් ලබා ගත හෑකිය.
පොදුවේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් සමහර ලියාපදිංචි මාර්ගෝපදේශ ලිහිල් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් ක්‍රියාවලියක් සංවර්ධනය කරමින් සිටී.
“සංචාරක ක්ෂේත්රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ශක්තිමත් කිරීම සදහා සහාය දැක්වීමකින් තොරව අපට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නියම කර ඇති ඉලක්කය කරා ළඟා විය නොහැකි යි. COVID-19 වසංගතය පැතිරීම සමග සංචාරක කර්මාන්තයට උපකාර කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන්ට සහන මාලාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.
අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ සංචාරක සේවා සපයන්නන්ගෙන් 60% ක් අධිකාරියේ ලියාපදිංචි වී නොමැති අවිධිමත් අංශයට අයත. එ බැවින් බොහෝ දෙනෙකුට මෙම සහන ලබා ගැනීමට නොහැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය අවබෝධ කර ගත්තා. ” අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු පැවසීය.
“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සමඟ සාකච්ඡා මාලාවකින් පසුව මෙම වසංගතය තුළ හා අනාගත ඕනෑම අර්බුදයකදී ඔවුන්ට සහාය වීම සඳහා අධිකාරිය සමඟ ලියාපදිංචි වීමට අප දිරිගන්වයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට උපකාර කිරීම සඳහා අපගේ ලියාපදිංචි කිරීමේ නිර්ණායක ලිහිල් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු. මෙමගින් ඔවුන්ට මාස 6 ක කාලයක් සඳහා තාවකාලික බලපත්‍රයක් ලබා ගත හැකි අතර පසුව ඔවුන්ට අප සමඟ ස්ථිර ලෙස ලියාපදිංචි විය හැකිය” අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ මහත්මිය තව දුරටත් ප්‍රකාශ කළාය.
සංචාරක සංවර්ධන බද්ද (TDL) online සංචාරක නියෝජිතයින් විසින් නිසි ලෙස ගෙවීම හෝ නොකිරීම පිළිබඳව බලධාරීන් අධ්‍යයනය කරමින් සිටින අතර මේ වන විට බොහෝ විදේශීය සංචාරක නියෝජිතයින් සංචාරක සංවර්ධන බද්ද නොගෙවන නමුත් දේශීය සංචාරක නියෝජිතයින් ඔවුන්ගේ ශුද්ධ ආදායම මත එම බද්ද ගෙවයි. වර්තමානයේදී, සංචාරක සංවර්ධන බදු වලින් 80% ක් නවාතැන් අංශයෙන් ලැබේ.