බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

“බුද්ධි රහස් ගැන මාධ්‍ය ඉදිරියේ සාක්ෂි දෙන්න බෑ”

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මාධ්‍ය ඉවත්කර සාක්ෂි දෙයි

by Lanka Sara Editor
ජූලි 27, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙස තමන් විශ්වාසය සහ රහසිගතභාවය උපරිමයෙන් ආරක්ෂා කළ යුතු බවත් ඇතැම් විදේශ බුද්ධි සේවා සමඟ රහසිගත බව ආරක්ෂා කරන බවට ගිවිසුම්ගත වී ඇති අතර ඔවුන් මේ දෙස දැඩි අවධානයෙන් බලා සිටින බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද(27) පාස්කු ප්‍රහාරය පිළිබඳ ව විමසීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිය ලබා දීමට පෙර ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවූ වූ අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ අද (27) ලබාදුන් සාක්ෂිය මාධ්‍යට විවෘත නොවූ අතර මාධ්‍යට මෙම සාක්ෂි විමසීම අද විවෘත නොවූයේ නිලන්ත ජයවර්ධන මහතා සහ කොමිසමට සහය පළ කරන නීතිපති දෙපාර්තමේන්තුවේද ඉල්ලීම මතය.

මෙම සාක්ෂි විමසීමේ කොටසක් හෝ මාධය වෙත විවෘත කළ යුතුය යන්න ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන්ගේ බහුතර මතය විය.

ඒ අනුව නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි විමසීම ආරම්භයේදීම පැන නැගුණු ජාතික ආරක්ෂාව පිළිබද ගැටලුවක් මුල්කරගෙන මාධ්‍ය නොමැතිව ඒ සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂිය අද විමසීමට කොමිසම පියවර ගත්තේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා. විශ්වාසය හා රහසිතගභාවය ආරක්ෂා කරන්න ඕනේ. මේ දෙන සාක්ෂි මුල සිටම රහසිගතවිය යුතු බව සිතනවා. විදේශ බුද්ධි සේවා මේ දෙස බලා සිටිනවා. ඒ අය එක්ක රහසිගතව වැඩ කරනවා කියල අපි එකගතාවයන්ට සහ ගිවිසුම්ගතවෙලා තිබෙනවා. දැනටමත් තර්ජන ඇවිල්ල තියෙනවා. යම් යම් තොරතුරු හෙළිවීම තුළින් විදෙස් බුද්ධි අංශවලින් ලැබෙන සහය සම්බන්ධයෙන් ගැටළු පැන නැගීමට පුළුවන්. එය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකියි. මේක පිළිගත් ඉස්ලාම් දහම නෙ‍මෙයි. මානසික උන්මන්තකයින් කරපු වැඩක්. පෞද්ගලිකව මම මගේ පවුල සහ දරුවන්ගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබදවත් සැළකිලිමත් වෙන්න ඕනේ. මම මෙම කොමිසම හමුවේ ලබාදෙන සාක්ෂි රාජ්‍ය ආරක්ෂාවට ඝෘජුවම බලපෑමක් වෙන්න පුළුවන්“ නියෝජ්‍ය පොලිස්පති දීගොඩ ගමගේ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පෙර කොමිසමේ අවධානයට යොමු කරනු ලැබීය.

ඔහු එසේ කොමිසමේ අවධානයට එම කරුණු යොමු කරනු ලැබුවේ ඔහු වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා විසින් ඔහුගේ සාක්ෂිය මාධ්‍ය නොමැතිව ලබා ගැනීම සුදුසු බවට කළ යෝජනාවත් සමගිනි.

නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබාදෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක ලෙස බවත්, ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන්නේ රාජ්‍ය ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධයෙන් බවත් නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කොමිසමේ අවධානයට යොමු කරන ලදි.
මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි සෙහෙයවන අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ද කොමිසමෙන් ඉල්ලා සිටියේ මාධ්‍ය නොමැතිව සාක්ෂි ලබා ගැනීම සුදුසු බවය.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති විනිසුරු විසින් කොමිසමේ සෙසු කොමසාරිස්වරුන්ගේ අදහස් විමසීමකින් අනතුරුව මුලින්ම සදහන් කරනු ලැබුවේ සාක්ෂිකරු විසින් සාක්ෂි කූඩුවේ සිට ඉල්ලීමක් කළේ ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ බැවින් කීමට ඇති කරුණු ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ලවිය හැකි බවත් ඔහු මේ වන විට සේවයේ නිරතව සිටින්නේ නැගෙනහිර පළාතේ බැවින් ඔහුගේ යම් යම් ප්‍රකාශ හේතුවෙන් ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් සිදුවිය හැකි අවධානමක් ගැන බවයි.
අනතුරුව සභාපති විනිසුරු සදහන් කළේ කොමිසන් සභාවට සහය දක්වන අතිරේක සොලිසිටර් ජනරාල් මෙනවිය මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය වෙනත් සාක්ෂිකරුවන්ගේ මෙන් කොටසක් විවෘතවත් කොටසක් මාධ්‍ය නොමැතිවත් කළ නොහැකි බැවින් සාක්ෂිකරුගේ සම්පූර්ණ සාක්ෂිය මාධ්‍ය නොමැතිව ලබා ගන්නා ලෙසයි.
ඉදිරිපත් කරනු ලැබූ සියළු කරුණු කොමිසන් සභාවේ සාකච්ඡා කිරීමෙන් පසු බහුතර මතයට අනුව මෙම සාක්ෂිකරුගේ යම් සාක්ෂි විවෘතවත්, යම් සාක්ෂි මාධ්‍ය නොමැතිව පැවැත්වීමටත් තීරණය කළ බව සභාපති විනිසුරු සදහන් කළේය.
කොමිසමේ සාමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ගේ මතය වූයේ සාක්ෂිකරුගේ සම්පූර්ණ සාක්ෂිය මාධ්‍ය නොමැතිව ලබාගතයුතු බව යැයිද සභාපති විනිසුරු පැවැසීය.
එම තීරණය ගැනීමේදී මෙම සාක්ෂිකරු දැනටමත් විවිධ නිලධාරීන්ට යවන ලද සටහන් විවෘතව සාක්ෂි ලෙස විමසූ බව සලකා බැලූ බවද සභාපති විනිසුරු අවධාරණය කළේය.

ඒ අනුව මාධ්‍ය ඉදිරියේ කොමිසමේ සාක්ෂි විමසීම ආරම්භ විය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
ආර්ථිකයේ ඉල්ලුම වැඩිවෙලා. සැපයුම අඩුවුනොත් මිලෙහි සිදුවන්නේ කුමක්ද?

නිලන්ත ජයවර්ධන
මිල ඉහළ යනවා

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
ව්‍යාපාර ගිණුම් කරණය පිළිබද ඉන්දියාවේ පංජාබ් විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ඔබ විසින් ලබාගෙන ශ්‍රාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබාගත් බව සදහන් කළොත්

නිලන්ත ජයවර්ධන
නිවැරදියි

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
හරට බරට බැරවුණු ඔබ නීතිය හා සාමයට බැරවුණු පොලිස් දෙපාර්තමේන්තුවට බැදුණේ ඇයි?

නිලන්ත ජයවර්ධන
ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසයි මම පොලීසියට බැදුණේ. ඊට මුල්වුනේ මගේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයායි. ඔහු මට පැවැසුවා සහකාර පොලිස් අධිකාරීවරුන් බදවා ගැනීමට ගැසට්කරල තිබෙනවා. ඒ කාලේ මට බැරිවුනා. ඔයා ඉල්ලල බලන්න කියල. ඒ වෙනකොට මට වෙනත් රැකියා කිහිපයක්ම ලැබිලා තිබුනා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
ඔබ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස බැදුණේ 1998 වසරේ පෙබරවාරි යැයි කීවොත්

නිලන්ත ජයවර්ධන
නිවැරදියි

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
අවස්ථා දෙකකදී ඔබ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ පුද්ගලික සහකාරවරයෙක් ලෙස කටයුතුකර තිබෙනවා යැයි සදහන් කලොත් නිවැරදිද?

නිලන්ත ජයවර්ධන
ඔව්. සිරිල් හේරත් මහතාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කරන ගමන් අභ්‍යන්තර බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවයෙ කලා. ඒ වගේම 2014 වසරේ ජනවාරි 01 වෙනිදා සිට 2014 වසරේ ජුනි 06 දක්වා මාස හයක කාලයක් එවකට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කලා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
ඔබ රාජ්‍ය බුද්ධි සේවයේ දරපු තනතුරු මොනවාද?

නිලන්ත ජයවර්ධන
සහකාර අධ්‍යක්ෂකධුරයේ සිට අධ්‍යක්ෂධූරය දක්වා සියළුම අධ්‍යක්ෂක තනතුරුදැරුවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
විදේශයක සේවය කිරීමට අවස්ථාවක් ලැබුණාද?

නිලන්ත ජයවර්ධන
2007 වසරේ සිට 2008 වසර දක්වා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආරක්ෂක ලෙස කටයුතු කළා. කැනඩාවේ බුද්ධි අංශ සමග සුහදව හා සාමූහිකව කටයුතු කළා. එම කාලෙදි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
නැවත සේවයට වාර්තා කළේ කොහේද?

නිලන්ත ජයවර්ධන
රාජ්‍ය බුද්ධි සේවයට

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
කුමන තනතුරකටද රාජකාරි වාර්තා කළේ ?

නිලන්ත ජයවර්ධන
නියෝජ්‍ය අධ්‍යක්ෂ

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
මොනවගේ රාජකාරි කටයුතුද පැවරිලා තිබුණේ?.

(මෙම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා එම ප්‍රශ්නයට මාධ්‍ය ඉදිරියේ පිළිතුරු දීම ගැන සිය විරෝධය දැක්විය. මෙම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරියද ඉදිරි සාක්ෂි විමසීම මාධ්‍ය ඉදිරියේ සිදුකිරීම අපහසු බව කොමිසම හමුවේ ප්‍රකාශ කලාය. ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති සෙසු කොමසාරිස්වරුන් සමග යම් අදහස් හුවමාරුවකින් අනතුරුව මාධ්‍ය නොමැතිව ඒ සම්බන්ධයෙන් ඉදිරි සාක්ෂි විමසීමට තීරණය කළේය.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නැති සංචාරක ව්‍යවසායකයන්ටත්  කොවිඩ් සහන ලබා ගැනීමේ අවස්ථාවක් 

Next Post

ගෙදර නිරෝධායනය වෙන අයට ඡන්ද පොළ ලෑස්තියි

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.