අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නැති සංචාරක ව්‍යවසායකයන්ටත්  කොවිඩ් සහන ලබා ගැනීමේ අවස්ථාවක් 

by Lanka Sara Editor
ජූලි 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවී ප්‍රසිද්ධ සංචාරක වෙබ් අඩවි හරහා  තම නිවාස හෝ ආයතනවල සංචාරක සත්කාරක සේවා පවත්වාගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අනාගතයේ දී සංචාරය කිරීමට COVID-19 සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට හැකි වන පරිදි තාවකාලික බලපත්‍ර ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
සංචාරක කර්මාන්තයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වන අතර 50,000 කට අධික සංඛ්‍යාවක් මෙයට අයත් වේ.

ඔවුන් රටට රැකියා හා විදේශ විනිමය මෙන්ම නරඹන්නාට විවිධ අත්දැකීම් ලබා දීමෙන් ආර්ථිකයට දායක වේ.

ඔවුන් ප්‍රධාන ආදායම උපයන්නේ Airbnb, Booking.com, Agoda වැනි online සංචාරක නියෝජිතයන්ගෙන් වන අතර බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මේ හේතුවෙන් අධිකාරිය සමග ලියාපදිංචි නොවූ කාණ්ඩයට අයත් වේ.

ඒත් සමගම ලියාපදිංචි වීමට ඇති බොහෝ බාධක හේතුවෙන් මෙම සේවා සපයන්නන්ගෙන් බොහෝ දෙනෙකුට රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සහන පැකේජයෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීමට නොහැකි විය.

මෙම පරතරය සැලකිල්ලට ගනිමින් අධිකාරිය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අනාගතයේදී සංචාරකයින්ට සත්කාර කිරීමට හැකි වන පරිදි COVID-19 සෞඛ්‍ය සහතිකය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා තාවකාලික බලපත්‍ර ක්‍රමයක් නිර්මාණය කර ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අතීතයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙකුට අධිකාරියේ දැඩි ලේඛන අවශ්‍යතා නිසා ලියාපදිංචි වීමට නොහැකි වු අතර ඔවුන්ට දැන් සීමිත ලියකියවිලි, ඡායාරූප සහ රු .2200 / – ක් වු ලියාපදිංචි ගාස්තුව සමඟ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් තාවකාලික බලපත්‍රයක් ලබා ගත හෑකිය.

පොදුවේ ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් සමහර ලියාපදිංචි මාර්ගෝපදේශ ලිහිල් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත්  ක්‍රියාවලියක් සංවර්ධනය කරමින් සිටී.

“සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ශක්තිමත් කිරීම සදහා සහාය දැක්වීමකින් තොරව අපට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නියම කර ඇති ඉලක්කය කරා ළඟා විය නොහැකි යි. COVID-19 වසංගතය පැතිරීම සමග සංචාරක කර්මාන්තයට උපකාර කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන්ට සහන මාලාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ සංචාරක සේවා සපයන්නන්ගෙන් 60% ක් අධිකාරියේ ලියාපදිංචි වී නොමැති අවිධිමත් අංශයට අයත. එ බැවින් බොහෝ දෙනෙකුට මෙම සහන ලබා ගැනීමට නොහැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය අවබෝධ කර ගත්තා. ”  අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු පැවසීය.

“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සමඟ සාකච්ඡා මාලාවකින් පසුව මෙම වසංගතය තුළ හා අනාගත ඕනෑම අර්බුදයකදී ඔවුන්ට සහාය වීම සඳහා අධිකාරිය සමඟ ලියාපදිංචි වීමට අප දිරිගන්වයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට උපකාර කිරීම සඳහා අපගේ ලියාපදිංචි කිරීමේ නිර්ණායක ලිහිල් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු. මෙමගින් ඔවුන්ට මාස 6 ක කාලයක් සඳහා තාවකාලික බලපත්‍රයක් ලබා ගත හැකි අතර පසුව ඔවුන්ට අප සමඟ ස්ථිර ලෙස ලියාපදිංචි විය හැකිය”  අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ මහත්මිය තව දුරටත් ප්‍රකාශ කළාය.

සංචාරක සංවර්ධන බද්ද (TDL) online සංචාරක නියෝජිතයින් විසින් නිසි ලෙස ගෙවීම හෝ නොකිරීම පිළිබඳව බලධාරීන් අධ්‍යයනය කරමින් සිටින අතර මේ වන විට බොහෝ විදේශීය සංචාරක නියෝජිතයින් සංචාරක සංවර්ධන බද්ද නොගෙවන නමුත් දේශීය සංචාරක නියෝජිතයින් ඔවුන්ගේ ශුද්ධ ආදායම මත එම බද්ද ගෙවයි. වර්තමානයේදී, සංචාරක සංවර්ධන බදු වලින් 80% ක් නවාතැන් අංශයෙන් ලැබේ.

Share69Tweet43
Previous Post

රාජ නියමයෙන් මංගල හස්ථිරාජයා සරසන ඇහැලමල්පේ පරපුරේ රසකතා

Next Post

“බුද්ධි රහස් ගැන මාධ්‍ය ඉදිරියේ සාක්ෂි දෙන්න බෑ”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.