රෝහල්වල ප්‍රතිකාර ලබන රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන් දින 14 කට පසුව පීසීආර් පරික්ෂණයක් නොමැතිව නිදහස් කරන බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නි ආරච්චි අද (03) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
ඇමතිවරිය ඒ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයා දින 10ක් තුළදී රෝග ලක්ෂණ නොමැති නම් පීසීආර් පරීක්ෂණ නොමැතිව රෝගීන් නිදහස් කරන බවට කී ප්‍රකාශය පිළිබඳ විමසීමේ දි ය.
එහිදී ඇමැතිවරිය කීවේ රජය පිළිගන්නේ විශේෂඥ උපදෙස් බවත්, ලොව පිළිගත් මහාචාර්ය මලික් පීරිස් ලංකාවට පැමිණ ඒ සම්බන්ධ විශේෂඥවරුන් රැසක් සමග සාකච්ඡා කර පැවසුවේ යම් රෝග ලක්ෂණයක් රෝගීන්ගෙන් නොපෙන්වනවා නම් දින දහයක් දොළහක් පමණ වනව විට කිසිසේත්ම ඔහුට රෝගය පතුරුවා හැරීමේ හැකියාවක් නොමැත බවය. ඒ විශේෂඥවරුන්ගේ නිර්දේශ ලිඛිතව තමන්ට ලැබී ඇති ඇති අතර දින 14කට පසු ඔවුන් පීසීආර් පරීක්ෂණ නොකර නිදහස් කර දින 14ක් නිවාස තුළ නිරෝධායනයට ලක් කිරීම පිළිවෙත බව ඇමතිවරිය කීවාය.