මහනුවර රජපිහිල්ල මාවත ආරම්භ වන වැව රවුම මාර්ගයේ රජ වාසල උද්‍යානය ආශ්රිත උස් බිම් කොටසක් නාය ගොස් තිබෙන අතර පස් සමඟ මාර්ගයට ගල් පෙරලීමේ අවධානම හේතුවෙන් තාවකාලිකව මාර්ගය වසා දැමූ බව පොලීසිය පවසයි.
අධික වර්ෂා තත්ත්වයත් සමඟ මෙලෙස උස්බිමෙහි කොටසක් නාය යෑම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව අත්හිටුවීමට මහනුවර මූලස්ථාන පොලිසිය පියවර ගෙන තිබේ.